කොවිඩ් රෝගීන් වැඩි වුවහොත් අපටත් සිදුවන්නේ ඉන්දියාවේ මෙන් නිකන් බලා සිටින්නට තමා යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කී කතාවට තමන් එකඟ වන බවත් කොවිඩ් සඳහා වන කාර්යසාධක බලකාය කිබෙනතාක් අපට සිදුවන්නේ මිනිස්සු මැරෙන තෙක් බලාසිටින්නට බවත් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේනතුවේදී ප්‍රකාශ කළේය.
නිලධාරීන්ගේන් සැදි කමිටුවකට රටේ කොව්ඩ පාලනය සම්බන්ධ තීන්දු ගැනීමේ හැකියාව නොමැති බවත් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එහි වගකීම ගත යුතු බව ද වික්‍රමසිංහ මහතා එහිදී යළි අවධාරණය කළේය.
“අපිට මේක පාලනය කරන්න ඕන. එන්නත් ටික නිසි ආනාරයෙන් දෙන්න ඕන. ඒ වගේම අගමැතිතුමනි අප්‍රිකානු ප්‍රභේදය රට තුලට පැමිනීම කොහොම හරි නවත්වගන්න ඕන. අපිට මේක පාලනය කරන්න බැරිවෙලා. නමුත් අපට මේක කරන්න පුළුවන්. එන්නත් ඔක්සිජන් ලබා ගන්න මේ අවසථාවේ නියමිත ප්‍රසම්පාදන ක්‍රම යටතේ යාම අවශ්‍ය නෑ . එහෙම වුණොත් මිනිස්සු මැරෙනවා.
අර රෝගීන් රෝහල්වල නිදාගන්න හැටි මමත් දුටුවා. මේ වෙලාවේ පුළුවන් යුධ හමුදාවේ තිබෙන ක්ෂේත්‍ර රෝහල් එහෙම නැතිනම් යුධ යමුදාව සහ අපේ ඉංජිනේරු සමාගම් යොදවලා ටකරන් පොල්අතුවලින් හරි රෝහල් ආශ්‍රිතව ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන්න. කාර්ය සාධක බලකාය තිබෙනකම් අපිට තිබෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. අපිට මිනිස්සු මැරෙන එක නවත්වන්න බෑ. අගමැති තුමා ඉන්න කාලේ සුනාමිය ඇවිත් දින තුන හතරකින් සහයනයක් දුන් අය.මම කියන්නේ මේ කොව්ඩ් පාලනය කැබිනට් එකට ගන්න. අපිට උපදේශන කාරක සභාවලින් ඔබතුමියට උදව් දෙන්නම්. මේ වෙලාවේ අපට දේශපාලනයක් අවශ්‍ය නෑ අවශ්‍ය වෙන්නේ ජනතාවගේ ජීවිත බේරගන්න එකයි.” යැයි ද හෙතෙම අවධාරණය කළේය.