බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොල්ලුපිටියේ සුපර් මාකට් එක වෙනුවට තට්ටු 40ක බිල්ඩිමක් එයි

කොල්ලුපිටිය පැරණි වෙළෙඳපොළ වෙනුවට මහල් 40කින් සමන්විත නවීන වෙළෙඳ පරිශ්‍රයක්

by Lanka Sara Editor
අප්‍රේල් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නවීන පහසුකම් සහිතව ප්‍රතිනිර්මාණය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 1976 වසරේ ආරම්භ කළ කොල්ලුපිටිය වෙළඳපොළ, සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව එක්ව තීරණය කර තිබේ.

කොල්ලුපිටිය වෙළඳපොළ, කඩකාමර 90 කින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් වන අතර එය ඒ.එච්.එම්. ෆවුසි මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ කාලයේ ඉදිකර තිබේ.

මෙම වෙළඳපොළ 1976 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැති නොබැඳි සමුළුවට පැමිණි ඇමරිකානු තානාපතිවරයා විසින් එවක අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය කළ ආරාධනාව මත විවෘත කරනු ලැබීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම වෙළඳපොළේ ගනුදෙනු සඳහා විදෙස් සංචාරක පාරිභෝගිකයන් වැඩි වශයෙන් යොමු වී තිබීම විශේෂත්වයකි. එසේ පැමිණෙන පාරිභෝගිකයන් අතර තානාපති කාර්යාලවල නිලධාරීන්, නිතීඥයින් ද සිටින බව වෙළඳසැල් හිමියෝ පවසති. විදේශීය පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනිම ද මෙම ව්‍යාපෘතියේ අරමුණකි.

ඊට අමතරව දේශීය පාරිභෝගිකයන්යින් වැඩිපුර ගෙන්වා ගැනීමට ද ක්‍රියා කළ යුතු බව එම වෙළඳසැල් හිමියෝ ප්‍රකාශ කරති
මීට දශක 04 කට පමණ පෙර සුපිරි වෙළඳසැල යනුවෙන් ද හැඳින්වූ කොල්ලුපිටිය වෙළඳපොළ එහි වෙළඳසැල් හිමියන්ගේ ද ඉල්ලීම මත වර්තමානයට සහ අනාගතයට ගැලපෙන ලෙස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් (PPP) සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව අතර පසුගියදා ගිවිසුම් අත්සන් කෙරිණි.

අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය රෝසි සේනානායක සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

එම ගිවිසුමට අනුව, කොල්ලුපිටිය වෙළෙඳපොළ මහල් 40කින් සමන්විතව නව බහු මහල් වෙළඳ පරිශ්‍රයක් ලෙස ඉදිකිරීමට නියමිත ය. අක්කරයක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති කොල්ලුපිටිය වෙළඳපොළ ධර්මපාල මාවතට සහ ශාන්ත මයිකල් පාරට මැදිව කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇත.

මහල් 40ක බහු මහල් මිශ්‍ර වෙළඳ පරිශ්‍රයක් ඉදිකිරීමට තීරණය කරන ලද්දේ පවතින වෙළඳපොළට වඩා වැඩි දියුණු වෙළඳපොළක් ඇති කර ගැනීමේ අරමුණින් කොල්ලුපිටිය නාගරික වෙළෙඳපොළ සංවර්ධනය කරන ලෙස වෙළඳසැල් හිමියන් කළ ඉල්ලීම ද සලකා බලමිනි.

ඉදිකිරීමට යෝජිත කොල්ලුපිටිය බහුමහල් වෙළඳ පරිශ්‍රය සියලු නවීන පහසුකම්වලින් සමන්විත වන අතර මහ ජනතාවට එදිනෙදා සියලු අවශ්යතා එමඟින් සපුරා ගැනීමට අවස්ථාව ද හිමිවෙයි.

එම වෙළඳ පරිශ්‍රය තුළ නිවාස පරිශ්‍ර, කාර්යාල පරිශ්‍ර, සාප්පු රථගාල්, උත්සව ශාලා, අවන්හල් සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් ලබා දීමට නියමිත වේ.

කොල්ලුපිටිය වෙළඳපොළ බහු මහල් මිශ්‍ර වෙළඳ පරිශ්‍රයක් දක්වා වැඩි දියුණු කිරීමට ගෙන තිබෙන තීරණය එහි වෙළඳසැල් හිමියන්ගේ දැඩි ප්‍රසාදයට හේතු වී තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ධුර කාලය තුළ ජනතා ප්‍රශ්න විසඳන්න බැරි වුණොත් මට බනින්න “

Next Post

අද මීගමුවට හලාවතට සහ මඩකපුවට විශේෂ ආරක්ෂාවක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.