චීනයේ පශ්චාත් කොරෝනා තත්ත්වය යටතේ මෙම වසරේ මුල් මාස දෙක තුල ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත්වීමට නොහැකි වී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඒ අනුව චීනය විසින් අපේක්ෂිත ප්‍රමාණයට සිල්ල විකුණුම් වල වර්ධනයක් පෙන්නුම් කළද දේපල වෙළෙදාම් ක්ෂේත්‍රයේ කඩා වැටීමක් සිදුවීම මගින් එරට ආර්ථිකය ප්‍රකෘති මට්ටමට ලඟා වීමට නොහැකි වී ඇති බවද අදාල කාර්යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ කාර්මික නිමැවුම් වල පහත යාමක් ද එය වර්ෂිකව අපේකෂා කරනු ලබන වර්ධනට වඩා අඩු මට්ටමක පවතින බවත් අනාවරණය වේ. මේ අතර චීනයේ සිල්ලර විකුණුම් පසුගිය වසරේ මෙම කාල පරිචිඡේදනයට සාපෙක්ෂව සියයට 3.5ක අගයක පැවති අතර එය අපෙක්ෂිත මට්ටමේ පැවති බවද එරට ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කළේය.
චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, පළමු මාස දෙක තුළ, ස්ථාවර වත්කම්වල ආයෝජනය (ග්‍රාමීය කුටුම්භ හැර) යුවාන් බිලියන 5,357.7 දක්වා ළඟා වූ අතර, එය වසරින් වසර සැසදීමේද සියයට 5.5 කින් ඉහළ ගොස් ඇත.
“විශේෂයෙන්, යටිතල පහසුකම් සඳහා වන ආයෝජනය වසරින් වසර සැසදීමේද සියයට 9.0 කින් වර්ධනය වී ඇති අතර, නිෂ්පාදන අංශයේ සියයට 8.1 කින් සහ දේපල වෙළඳාම් සංවර්ධනයේ සියයට 5.7 කින් පහත වැටී ඇත. අලෙවිකරන ලද වාණිජ ගොඩනැගිලිවල බිම් ප්‍රමාණය වර්ග මීටර් මිලියන 151.33 කි. ඒය සියයට 3.6 කින් පහත වැටී ඇති අතර වාණිජ ගොඩනැගිලිවල මුළු විකුණුම් යුවාන් බිලියන 1,544.9 ක් වූ අතර එය සියයට 0.1 කින් අඩු වීමකි.″ යනුවෙන්ද කාර්යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.