අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා ලෝකයට  ඇවිත් අවුරුද්දයි. එය පරාජය කළ හැක්කේ විද්‍යාවෙන්ම පමණයි…

ලෝක සෞඛ්‍ය සංවිධන අධ්‍යක්ෂ ජනරාල් කියයි...

by editor
දෙසැම්බර් 29, 2020
in පුවත්
whoDG
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වෛරසය පිළිබඳ ව චීනයේ වුහාන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට මුල් වරට වාර්තා කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අවසන් සතියේ බවත්  ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයම කොවිඩ් 19 වෛරසය සමග සටන ආරම්භ වී මෙම සතියට වසරක් පිරෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් ඊයේ (28) රාත්‍රී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම වෛරස අභියෝගය පරාජය කළ යුත්තේ විද්‍යාවෙන්ම ම බවත් මේ සඳහා ලෝකයේම විද්‍යාත්මක ප්‍රජාව විසි හතර පෑ මුළුල්ලේ මේ වනවිට දැඩි සටනක නියැළෙන බව ද වෛද්‍ය ටෙඩ්රෝස් සඳහන් කළේය.

ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති සති පතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පෙන්වා දුන්නේ අප මේ වනවිට මෙම වෛරසයට එරෙහිව කටයුතු කිරීමේ ලබා ඇති ප්‍රගතිය  මත ලබන වසර තුළ වසංගතය නිමා කිරීමට අවශ්‍ය සියලු ශක්තීන් යෙදවිය යුතු බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා “අප මේ රෝගය හඳුනා ගත් දා සිට එය වසරක් තුළ ලෝකයට සිදු කර ඇති බලපෑම් අති විශාලයි. ඒ වගේම මේ වසංගතය පරාජය කිරීමටත් මා හිතන්නේ ලෝකයේ පෙර නොවූ විරූ ප්‍රයත්නයක් ලෝකයේ සෑම රටක්ම දරනවා. විද්‍යාව සෑම දෙයකම මූලික හරයයි. මේ විද්‍යාත්මක ප්‍රවේශය මත අද මෙම වෛරසය පැතිරෙන ආකාරය එය පාලනය කිරීමට කළ යුතු දේ පිළිබඳව ලෝකයට නව දැනුමක් ලැබී තිබෙනවා. අප කළ යුත්තේ මේ දැනුම මත තවදුරටත් ගවේෂණය කිරීමයි. රෝගයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දෙසැම්බර් මාසයේ අග මේ තත්ත්වය හඳුනා ගත් පසුව මුලින්ම කළේ එය හමුවේ ලෝකයේ ජනතාව, එක් එක් රටවල සෞඛ්‍ය අංශ කටයුතු කළ යුත්තේ කේසේද යන්න පිළිබදව අංගසම්පූර්ණ මඟ පෙන්වීම් මාලාවක් සකස් කිරීමයි.  අපට එය මෙම වසරේ ජනවාරි 10 වැනිදා වනවිට ලෝකයේ සෑම රටකටම ලබා දෙන්නට හැකියාවක් ලැබුණා. ජනවාරි මාසයේ මැද වෙද්දී මෙම ඉන්ෆල්ලුවෙන්සා ආකාර වෛරසය නව කොරෝනා වෙරසයක් බව නිශ්චිත ව හඳුනාගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට හැකි වුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට පසුව ක්‍රමිකව ලෝකයේ මෙය පැතිරෙද්දී ඒ සම්බන්ධ විවිධ අංශවල විද්‍යාඥයින් වෛද්‍ය පර්යේෂකයන් පර්යේෂණ පැවැත්වුවා. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වැනි ඉක්මනින් රෝගය හඳුනා ගැනීමේ ක්‍රමවේද වගේම වෛරසයේ හැසිරීම සම්බන්ධ නව දැනුම මේ පර්යේෂණවලින් ලැබුණා. ඒ වගේම මේ වනවිට රෝග කාරකයට එරෙහිව එන්නත් කිහිපයක්ම සාර්ථක ලෙස අත්හදා බලා තිබෙනවා.  එයින් කිහිපයක් මේ වනවිටත් භාවිතයට ගත හැකි මට්ටමට පවතිනවා. මේ සියල්ල සිදුවුයේ විද්‍යාව මත පදනම්වයි. අපි මේ හරහා සෑම දිනකම රෝගය පිළිබඳ අලුත් දෙයක් සොයා ගන්නවා. එයන් අපට ඉදිරියේදී එක්ව මෙම අභියෝගය ජය ගත හැකියි.“ යයිද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 3ක්.. මුළු මරණ ගණන 194යි…

Next Post

කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව යාපනයේත් උද්ඝෝෂණ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.