දිනසේන රතුගමගේ –
කොරෝනා වසංගතය මැද සියලුම සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කරමින් මන්නාරමේ කරත්ත තරගාවලියක් පැවැත්වීම පිළිබදව සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසිය ඊයේ ( 9 ) පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
මන්නාරමේ කරත්ත හිමියන්ගේ සංගමය විසින් මෙම ගොන් කරත්ත තරගය පවත්වා ඇති අතර ඊට ගොන් බැදි කරත්ත 48 ක් සහභාගී කරවා ගෙන තිබේ.
මේ අවස්ථාවට 700 ක්පමණ දෙනා සහභාගී වී ඇති නමුත් ඔවුන්ගෙන් සිය දෙනෙකුවත් මුව ආවරණ පැළදීමක් හෝ සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීමක් සිදු කොට නොමැති බවට මන්නාරමේ සෞඛ්‍ය නිලධාරීන්ට පැමිණිලි ලැබී තිබේ.
කරත්ත තරගය පවත්වන ලද පිරිස ප්‍රකාශ කොට ඇත්තේ දෙමළ හින්දු ජනයාගේ පුරාණ චාරිත්‍රයක් ලෙස මෙම ගොන් කරත්ත තරග කෘෂිකාර්මික කටයුතු අවසන් වීමෙන් පසුව පවත්වන බවත් ඉතා දීර්ඝ කාලයකින් එවැනි තරගයක් නොපැවැත්වීම නිසා තම සංගමය තරගයක් සංවිධානය කළ බවයි.