සුමිත් පොතුපිටිය –
කොරියානු රටේ රැකියාවකට යවන්න රුපියල් තිස් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයාව අද (30) සැකපිට අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසාද් රණසිංහ වීරක්කොඩි නමැති 46 හැව්රිදි පුද්ගලයකු බවත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලන සමයේ නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ලෙසින් කටයුතු කර ඇති බවත් පොලිසිය පැවසීය.
අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
කොරියාවේ රැකියාවකට යවන බව සහ විවිධ හේතු දන්වා අවස්ථා දෙකකදී මුදල් ලබාගෙන ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලිසිය කීය.
පැමිණිල්ල අනුව පොලිස් කණ්ඩායමක් විසින් බලපිටිය නගරයේදී සැකකාර සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇති බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
සැකකරු හෙට දිනයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කළුතර නියෝජ්‍ය පොලිස්පති අයි ටී බී සුගතපාල , ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක උදය කුමාර , උප පොලිස් පරීක්ෂක වරුන්වන කෞෂල්‍ය සහ වික්‍රමරත්න සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති.