බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොම්පැණි කාරයින් අතේ නැටවෙන විනිසුරුවරුන් නිසා මැරී වැටෙන කම්කරුවන් වෙනුවෙන් කම්කරු නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි හැටි ඇමති මනුෂ පාර්ලිමේන්තුවේ දී කියයි….

by editor
සැප්තැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විනිසුරුවරුන්ගේ ඇතැම් වටහාගත නොහැකි හැසිරීම් සහ තීන්දු හේතුවෙන් කම්කරු නිලධාරීන්ට කම්රුවන්ට සිද්ධවන අසාධාරණයන් විෂයෙහි නීතිය ඉදිරියට යෑම පිළිබඳව බරපතල ගැටලුවක් මතුවී ඇතැයි කම්කරු ඇමති මනුෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

කම්කරු ඇමතිවරයා කීවේ සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මිය යෑම සම්බන්ධ සිද්ධියට අදාලව කම්කරු දෙපාර්තමේන්තුවට නඩු පැවරීමක් වෙත යෑමට නොහැකි වූයේ මේ පාර්ලිමේන්තුවේ සම්මත කළ කම්කරු පනත අනුව අධිකරණය ඉදිරියට යෑම පිලිබඳව දෙගිඩියාවක් ඇති වී තිබෙන නිසා බවය.

හොරණ කර්මාන්ත ශාලාවක ඇමෝනියා වැලකට ඇද වැටී පුද්ගලයින් හය දෙනෙක් මරා දැමූ කර්මාන්ත ශාලා හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණයට ගිය හිටපු කම්කරු කොමසාරිස්වරයාට සති දෙකක් බන්ධනාගාරගත වීමට සිදුවූ බව අධිකරණ ඇමතිවරයා ඉදිරියේ කම්කරු ඇමති මනුෂ නානායක්කාර කියා සිටියේයය.

ඔහු පාර්ලිමේන්තුවේ දී කීවේ  මෙවැනි කතාවකි.

“අද කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බරපතල අර්බුදයකට මැදි වෙලා ඉන්නවා.   අපට මතකයි හොරණ කර්මාන්ත ශාලාවක හය දෙනෙක් ඇමෝනියා වලකට වැටිලා මැරුණා. බරපතල සිද්ධියක්. ඒ වගේ සිද්ධියකට පොලිසිය කටයුතු කරද්දී කම්කරු දෙපාර්තමේන්තුවත් ඒ සම්බන්ධව නඩු පැවරීමේ කටයුතු කරන්න ඕන.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඒත් මේ පාර්ලිමේන්තුව අනුමත කරපු පනත යටතේ කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්   ඒ නඩු පැවරීම් කටයුතු සිද්ධ කරපු අපේ කම්කරු සහකාර කොමසාරිස්වරයෙක් අත් අඩංගුවට පත් වුනා. සති දෙකක් බන්ධනාගාරගත වුනා.

දැනට වර්තමාන ලේකම්, එදා හිටිය කම්කරු කොමසාරිස්වරයා මේ නඩුව දාන්න නියෝග කරපු නිසා ඔහු හිරේ හිටියා.

හය දෙනෙක් මරපු කර්මාන්ත ශාලාවේ කාටවත් ප්‍රශ්නයක් නෑ. නමුත් හොරණ ගරු අධිකරණයෙ පළවෙනියෙන් මේ නඩුව අපි දැම්මාම මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළා විතත්තිකාර පාර්ශවයෙන් . නඩුකාරතුමා ඒ විරෝධතාවය නොසලකා ඉදිරි කටයුතු කළා. ඊට පස්සේ නඩුකාරවරයා මාරු කරලා අලුත් නඩුකාරවරයෙක් ඇවිත් මේක නැවත අරන් මේ නඩුව පැත්තකට දානවා.

නඩුව පැත්තකට දාලා  මේ හය දෙනෙක් මැරිච්ච එකට නඩු දැමීම සම්බන්ධව  ඒ අධිකරණ නිලධාරියා විසින් කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.

දැන් කම්කරු දෙපාර්තමේන්තුවෙ නඩු දාපු අයට හිරේ යන්න සිද්ධ වෙලා තියනවා. උසාවි යන්න සිද්ධ වෙලා තියනවා.

නමුත් ඒ යහ දෙනෙක් මැරීමට අදාල කාරණාවට වගකිවයුතු හාම්පුතුන්ට නඩු නෑ. දැන්  තවදුරටත් පාර්ලිමේන්තුවේ සම්මත කළ මේ පනත යටතේ නඩු පැවරීම පිළිබඳව පවා ගැටලු මැතුවෙලා තියෙනවා කියලා අපි කියන්නේ ඒකයි.

මනුෂ නානායක්කාර ඇමතිවරයා අධිකරණ ඇමති වරයාගේ අවධානය උක්ත කාරණාව  යොමු කරමින් යළිත් මෙසේ කරුණු දැක්වූයේය.

“ඒ නඩුවෙදි ගරු අධිකරණ සේවා කොමිසමේ උපදෙස් පරිදි එම නඩුව දිස්ත්‍රික් උසාවියේ අහන්න තීන්දු කළා.  දිස්ත්‍රික් උසාවිය හරහා ඇප ලබා දුන්නා හිටපු කම්කරු කොමසාරිස්වරයාට. “

“එම ඇප ලබාදීමේ ඇප මුදල් තැන්පත් කරන්න මහේස්ත්‍රාත් උසාවිය ලඟට ගියාම එතනදි මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා ඔහුට අධිකරණ ශාලාවේ ඉදිරිපිටට කතා කරලා  බනිනවා… තර්ජනය කරනවා…

ඔයා ඇයි මෙතෙන්ට ආවෙ නැත්තේ. එක එක තැන්වලට කම්ප්ලේන් කළේ. මම බලාගන්නම් කියලා තමුසෙව එළියෙ තියන්නේ කොහොම ද? දානව ඇතුළට…  කියලා වෙන උසාවියක දීපු ඇපයකට මේ උසාවියෙන් අර පුද්ගලයව කූඩුවේ ඇතුළෙ තියනවා.

මොකක්ද අවශ්‍යතාවය…

“අර හය දෙනෙක් මරපු කොම්පැණියේ මුදලාලි අමාත්‍යාංශයට ඇවිත් තර්ජනය කරලා යනවා මම තමුසේ විනාඩි පහකට හරි කූඩුවේ දානවා කියලා.”

“දැන් අපට සැකයක් තියනවා අවසානෙදි ඒ ක්‍රියාත්මක වුනේ ඒ නියෝගය ද කියලා. මේ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ පිළිබඳව අප වහා අවධානය යොමු කළ යුතු වෙනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි වැටවල් ඉදි කරන්නත් නඩත්තු කරන්න කෝටි 228ක් වැය කරලා

Next Post

මනම්පිටිය වැලි නිධි කොන්ත්‍රාත් ගන්න පැමිණි කොන්ත්‍රාත්කරුවන්ව පාරම්පරික වැලි තොටුපල හිමියන් සහ සේවකයින් එක්ව පළවා හරිති!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.