විනිසුරුවරුන්ගේ ඇතැම් වටහාගත නොහැකි හැසිරීම් සහ තීන්දු හේතුවෙන් කම්කරු නිලධාරීන්ට කම්රුවන්ට සිද්ධවන අසාධාරණයන් විෂයෙහි නීතිය ඉදිරියට යෑම පිළිබඳව බරපතල ගැටලුවක් මතුවී ඇතැයි කම්කරු ඇමති මනුෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
කම්කරු ඇමතිවරයා කීවේ සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මිය යෑම සම්බන්ධ සිද්ධියට අදාලව කම්කරු දෙපාර්තමේන්තුවට නඩු පැවරීමක් වෙත යෑමට නොහැකි වූයේ මේ පාර්ලිමේන්තුවේ සම්මත කළ කම්කරු පනත අනුව අධිකරණය ඉදිරියට යෑම පිලිබඳව දෙගිඩියාවක් ඇති වී තිබෙන නිසා බවය.
හොරණ කර්මාන්ත ශාලාවක ඇමෝනියා වැලකට ඇද වැටී පුද්ගලයින් හය දෙනෙක් මරා දැමූ කර්මාන්ත ශාලා හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණයට ගිය හිටපු කම්කරු කොමසාරිස්වරයාට සති දෙකක් බන්ධනාගාරගත වීමට සිදුවූ බව අධිකරණ ඇමතිවරයා ඉදිරියේ කම්කරු ඇමති මනුෂ නානායක්කාර කියා සිටියේයය.
ඔහු පාර්ලිමේන්තුවේ දී කීවේ මෙවැනි කතාවකි.
“අද කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බරපතල අර්බුදයකට මැදි වෙලා ඉන්නවා. අපට මතකයි හොරණ කර්මාන්ත ශාලාවක හය දෙනෙක් ඇමෝනියා වලකට වැටිලා මැරුණා. බරපතල සිද්ධියක්. ඒ වගේ සිද්ධියකට පොලිසිය කටයුතු කරද්දී කම්කරු දෙපාර්තමේන්තුවත් ඒ සම්බන්ධව නඩු පැවරීමේ කටයුතු කරන්න ඕන.
ඒත් මේ පාර්ලිමේන්තුව අනුමත කරපු පනත යටතේ කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ නඩු පැවරීම් කටයුතු සිද්ධ කරපු අපේ කම්කරු සහකාර කොමසාරිස්වරයෙක් අත් අඩංගුවට පත් වුනා. සති දෙකක් බන්ධනාගාරගත වුනා.
දැනට වර්තමාන ලේකම්, එදා හිටිය කම්කරු කොමසාරිස්වරයා මේ නඩුව දාන්න නියෝග කරපු නිසා ඔහු හිරේ හිටියා.
හය දෙනෙක් මරපු කර්මාන්ත ශාලාවේ කාටවත් ප්‍රශ්නයක් නෑ. නමුත් හොරණ ගරු අධිකරණයෙ පළවෙනියෙන් මේ නඩුව අපි දැම්මාම මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළා විතත්තිකාර පාර්ශවයෙන් . නඩුකාරතුමා ඒ විරෝධතාවය නොසලකා ඉදිරි කටයුතු කළා. ඊට පස්සේ නඩුකාරවරයා මාරු කරලා අලුත් නඩුකාරවරයෙක් ඇවිත් මේක නැවත අරන් මේ නඩුව පැත්තකට දානවා.
නඩුව පැත්තකට දාලා මේ හය දෙනෙක් මැරිච්ච එකට නඩු දැමීම සම්බන්ධව ඒ අධිකරණ නිලධාරියා විසින් කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.
දැන් කම්කරු දෙපාර්තමේන්තුවෙ නඩු දාපු අයට හිරේ යන්න සිද්ධ වෙලා තියනවා. උසාවි යන්න සිද්ධ වෙලා තියනවා.
නමුත් ඒ යහ දෙනෙක් මැරීමට අදාල කාරණාවට වගකිවයුතු හාම්පුතුන්ට නඩු නෑ. දැන් තවදුරටත් පාර්ලිමේන්තුවේ සම්මත කළ මේ පනත යටතේ නඩු පැවරීම පිළිබඳව පවා ගැටලු මැතුවෙලා තියෙනවා කියලා අපි කියන්නේ ඒකයි.
මනුෂ නානායක්කාර ඇමතිවරයා අධිකරණ ඇමති වරයාගේ අවධානය උක්ත කාරණාව යොමු කරමින් යළිත් මෙසේ කරුණු දැක්වූයේය.
“ඒ නඩුවෙදි ගරු අධිකරණ සේවා කොමිසමේ උපදෙස් පරිදි එම නඩුව දිස්ත්‍රික් උසාවියේ අහන්න තීන්දු කළා. දිස්ත්‍රික් උසාවිය හරහා ඇප ලබා දුන්නා හිටපු කම්කරු කොමසාරිස්වරයාට. “
“එම ඇප ලබාදීමේ ඇප මුදල් තැන්පත් කරන්න මහේස්ත්‍රාත් උසාවිය ලඟට ගියාම එතනදි මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා ඔහුට අධිකරණ ශාලාවේ ඉදිරිපිටට කතා කරලා බනිනවා… තර්ජනය කරනවා…
ඔයා ඇයි මෙතෙන්ට ආවෙ නැත්තේ. එක එක තැන්වලට කම්ප්ලේන් කළේ. මම බලාගන්නම් කියලා තමුසෙව එළියෙ තියන්නේ කොහොම ද? දානව ඇතුළට… කියලා වෙන උසාවියක දීපු ඇපයකට මේ උසාවියෙන් අර පුද්ගලයව කූඩුවේ ඇතුළෙ තියනවා.
මොකක්ද අවශ්‍යතාවය…
“අර හය දෙනෙක් මරපු කොම්පැණියේ මුදලාලි අමාත්‍යාංශයට ඇවිත් තර්ජනය කරලා යනවා මම තමුසේ විනාඩි පහකට හරි කූඩුවේ දානවා කියලා.”
“දැන් අපට සැකයක් තියනවා අවසානෙදි ඒ ක්‍රියාත්මක වුනේ ඒ නියෝගය ද කියලා. මේ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ පිළිබඳව අප වහා අවධානය යොමු කළ යුතු වෙනවා.”