බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොතලාවල විශ්විද්‍යාල පනතට අත් උස්සන්න පෙර හදවතට තට්ටු කර බලන්න… ආචාර්ය හරිනී අමරසූරිය

by editor
ජූලි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොතලාවල විශ්විද්‍යාල පනත එම විශ්විද්‍යාලයට පමණක් බලපාන පනතක් නොව, උසස් අධ්‍යාපනය තුළ සමාන්තර ව්‍යුහයන් දෙකක් ඇති කර අධ්‍යාපනය සඳහා කිසිසේත්ම නොගැලපෙන මිලිටරි ආගමනයක් අධ්‍යාපනය තුළට ඇතුළුකරනා බරපතල ව්‍යසනයක් බවත් මේ පනතට අත උස්සන්නට පෙර තමන්ගේ හෘදය සාක්ෂියට ඇහුම්කන් දෙන ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරිය අද (08) පාර්ලිමේන්තුවේ දී කීවාය.

අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් අද පාර්ලිමේන්තුව තුළ කරුණු දැක්වීමට ඉදිරිපත් කළ පනතත් තමන් විසින් පරිශිලනය කළ පනතත් දෙකක් යැයි සිතෙන තරමටම ඒ කරුණු දැක්වීම විකෘතියක් බවද ඇය සඳහන් කළාය.

මේ කතා කරන්නෙ තේ පොල් රබර් ගැන නොවෙයි..

“ ආරක්ෂක අමාත්‍යාංශයේ කාරක සභාවට මේ පනත ගැන මගේ නිරීක්ෂණ ඉදිරිපත් කළා. ඊට ලැබුණු ප්‍රතිචාරය හරහා ඔවුන් තර්කයක් ගොඩනගලා තිබුණා කොතලාවල විශ්විද්‍යාලයට මුදල් අය කරන්නේ එය භාණ්ඩාගාරයට බරක් නොවිය යුතුයි කියන පදනමින් කියලා. ඉන් විදේශ විනියම ලබා ගත යුතුයි කියලා.“

“අපි මේ කතා කරන්නෙ පොල් රබර් තේ ගැන නෙමෙයි. රටේ අධ්‍යාපනය ගැන. අපට සියලු දේ විකුණන්න පුලුවන් බව ඇත්ත. නමුත් අධ්‍යාපනයත් වෙළෙඳ භාණ්ඩයක් ලෙස නම් අර්ථකථනය කිරීමෙන් අපි මේ විනාශ කරන්නෙ වර්ෂ 1943 දි අප දිනාගත්තු නිදහස් අධ්‍යාපනයේ පදනමම තමයි. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු මිනිස්සු. එයට මේ අපරාධය කරන්න එපා.“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ඔබ කියන ආකාරයට මිලිටරි අවශ්‍යතාවයන්ට අනුව ව්‍යුහය සැකසෙන මිලිටරි අධ්‍යාපන ආයතනයයක් නම් එය ප්‍රශ්නයක් නොවේ… මේක විශේෂ අවස්ථාවක් කියලා කියනවානම් සර් ජෝන් කොතලාවලගෙ අරමුණ වුණු කැඩෙට් නිලධාරීන්ට විෂයන් තුළ පුහුණුව ලබා ගැනීම සඳහා එම ආයතනය පවත්වා ගන්න. එය කිසිවෙකුට ප්‍රශ්න කරන්න බෑ. මිලිටරි නිලධාරීන් මිලිටරිය ගැන තීන්දු ගැනීම කිසිම ප්‍රශ්නයක් නෑ.

මිලිටරි සහ මිලිටරි නොවන සංස්කෘති දෙකක් තිබෙන්නෙ දෙක අතර වෙනසක් තිබෙන නිසා.
මෙතන ගැටලුව වෙන්නේ එය ඊට එහා ගොස් සමස්ථ උසස් අධ්‍යාපන ව්‍යුහයටම කරන්න යන බලපෑමයි. අධ්‍යාපනය තුළට මිලිටරි සංස්කෘතියක් එන එක මොනතරම් භායානකද කියන එක අධ්‍යාපන ඇමති තුමා දන්නවා.

ශිෂ්‍යාවකට විවාහය තහනම්… ගැබ් ගත්තොත් ශිෂ්‍ය භාවය අහෝසියි…

ලංකාව අවුරුදු ගණනක් තිස්සේ ලීමා ප්‍රකාශනයට අත්සන් කරලා තියනවා. එහි කියලා තියෙන්නෙ අධ්‍යයන නිදහස ගැන. ඒ කියන්නෙ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. විශ්ව විද්‍යාලයක් තුළ නව දැනුම නිශ්පාදනය කිරීමට නම් දේවල් විවේචනය කිරීමට දේවල් ප්‍රශ්න කිරීමට ඉඩ දිය යුතුයි. බලයෙ ඉන්නෙ අයගේ බල අධිකාරිය අපහසුතාවයට පත්වනවා වුනත් ඊට අවස්ථාව දෙන්න ඕන. ඒ හරහා තමයි අපි අලුත් දැනුම නිශ්පාදනය කරන්නේ.“

“නමුත් මිලිටරි සංස්කෘතියක් තුළ ඒ නිදහස නෑ. මේ සරසවිය තුළ තිබෙන්නෙ මිලිටරි සංස්කෘතියක් නොවෙයි කියලා ඔබ කියාවි. නමුත් දැනට පවතින විශ්විද්‍යාලය තුළ ශිෂ්‍යාවන්ට ලබාදෙන අත්පොතේ තියනවා අධ්‍යයන කාලය තුළ ශිෂ්‍යාවන්ට විවාහ වෙන්න තහනම් කියලා. හදිස්සියෙන් ගැබ් ගත්තොත් ඇය සරසවියෙන් ඉවත් විය යුතුයි. කුමණ ආකාරයේ හෝ රැස්වීමක් තිබීම සඳහා එකතු වීමට උප කුපතිවරයාගෙන් අවසර ගන්න ඕන. මෙම පනත හැටියට කොතලාවල සරසවියේ ශිෂ්‍ය සංගමයක් පවත්වාගෙන යන්න අවරස නෑ.

මේක එතකොට විශ්විද්‍යාලයක් ද.

මේ සරසවිය ගොඩනැගෙන්නෙ කිසිම ආකාරයක උසස් අධ්‍යාපනයක් සඳහා උචිත සංස්කෘතියක් වටිනාකමක් තුළ නොවෙයි. අධ්‍යාපනය කියන්නෙ වෙනස් හර පද්ධතියක පවත්වාගත යුතු සංස්කෘතික ව්‍යුහයක්. එය හමුදාවකට කළ හැකි දෙයක් නොවෙයි.

සමස්ථ උසස් අධ්‍යාපනයම විනාශයි…

“යළිත් ඔබට කියනවා… ඔබ මොනවා කිව්වත් මේ කතා කරන්නෙ කොතලාවල විශ්විද්‍යාලය ගැන නොවෙයි. මෙයින් සිද්ධ වෙන්නෙ රජය විසින්ම සමාන්තර උසස් අධ්‍යාපන ව්‍යුහයන් දෙකක් ඇති කිරීමයි. සමාන්තර ව්‍යුහයන් දෙකක් නිර්මාණය වෙනකොට එක ව්‍යුහයකට විශේෂකර සැලකීම සාමාන්‍ය දෙයක්. දැනටමත් අයවැයෙන් වැඩිම මුදලක් වෙන් වෙන්නෙ ආරක්ෂක අමාත්‍යාංශයට.

අනෙක් ප්‍රශ්නය මෙවැනි නිදහස් අධ්‍යාපනයටම බලපාන බරපතල පනතක් ගෙන එන්නෙ ජනතාවට ඒ සම්බන්ධව විරෝධය පලකිරීමට ඇති සියලුම අවස්ථා අහුරා දමමින් වීමයි. 

ඊයේ විරෝධතාවයක නිරතවූ මහින්ද ජයසිංහ හා ශිෂ්‍යාවන් කොටසක් අත්අඩංගවට ගත්තා. අද ජෝෂප් ස්ටාලින් හා ශිෂ්‍ය ව්‍යාපාරයේ පිරිසක් අත්අඩංගුවට ගත්තා. රටේ ඇතිවෙලා තියන වසංගත තත්වයත් එක්ක අධ්‍යාපනය තුළ මේ තරම් ප්‍රශ්න තියෙද්දි මිනිස්සුන්ට තමන්ගෙ අදහස් කියාගන්න බැරි මර්ධනාකාරී වටපිටාවක හදලා ඇයි මේ පනත ගේන්නේ.

සරසවියේ ක්‍රියාකාරීත්වය තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසියි.

අවසාන වශයෙන් කියන්නම්. අධ්‍යාපන ඇමතිතුමා කියනවා විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මේ විශ්විද්‍යාලය ගැන තීන්දු ගන්න බලතල තියනවා කියලා. මේ පනත අනුව නම් එහෙම දෙයක් කරන්න බෑ.

මේ පනතෙම තියනවා වාඛ්‍යයක් 1978 විශ්වවිද්‍යාල පනතට මේ සරසවිය යටත් නෑ කියලා. යටත් නෑ කියන්නෙ මේ සරසවියේ ඇතුළත් කිරීමේ නිර්නායකවලට බලපෑම් කරන්න, අධ්‍යාපන ප්‍රමිතිය ගැන බලපෑමක් කරන්න, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම සම්බන්ධව කිසිම ආකාරයකට මැදිහත් වෙන්න විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බෑ. මේ පනත ප්‍රකාරව ඒ සියලුම තීන්දු ගන්නෙ විශ්විද්‍යාලයෙ සනාතන සභාව. විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට මැදිහත් වීම සඳහා කිසිම ඉඩක් නිර්මාණය කරලා නෑ.

ඔබ ඔබේ හෘදය සාක්ෂියට කතා කරලා අහන්න… මේවගේ පනතකට අත උස්සලා ඔබ මේ කරන්න හදන්නෙ මොනව ද? “

කතාව අවසානයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී අමරසූරිය මෙම සරසවියට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් වෘත්තීය සමිති 30ක් අත්සන් කළ පෙත්සමක් සභාගත කළාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලිට්‍රෝ ගෑස් කෝප් කමිටුවට සහ රජයේ විගණනයට

Next Post

රාජ්‍ය අමාත්‍යාංශ දෙකක වෙනසක් – කාබනික පොහොර ශෂීන්ද්‍රට -වෙරළ සංරක්ෂණය මොහාන්ට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.