අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොතලාවල විශ්විද්‍යාලය අධ්‍යාපනය හමුදාකරණය කිරීමක් සේ නොදැකිය යුතුයි… මල්වතු මහා විහාර අනු නා හිමි….

කොතලාවල වෛද්‍යපීඨයේ දරුවන් හොඳට කරන බවට අත්දැකීම් මට තියනවා...

by editor
ජූලි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter


නිදහස් අධ්‍යාපනය හා සමානව අධ්‍යාපනයේ නිදහස ද ශිෂ්‍ය ප්‍රජාව හා මහජනතාව වෙනුවෙන් ආරක්ෂා විය යුතු බවත් කොතලාවල විශ්ව විද්‍යාලයේ පවතින සුවිශේෂත්වය හා එහි අනාගත අභිවෘද්ධිය ‍වෙනුවෙන් රජය ගැනීමට යන ක්‍රියාමාර්ග හමුදාකරණයක් ලෙස විග්‍රහ කිරීම වරදක් බවත් මල්වතු මහ විහාර පාර්ශවයේ අනුනාක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පවසති.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත්කර කොමිෂන් සභාවේ පවතින ගුණාත්මක හා ස්වාධීන වටිනාකම් එයට ආරෝපණය කිරීම අර්ථවත් ක්‍රියාවක් බවත් නෛතික පසුබිමක් යටතේ නීතිරීතී සම්මත කර එහි අභිවෘද්ධිය පිණිස රජය ගන්නා ක්‍රියාමාර්ග ජාතික වැදගත්කමකින් යුතු බවත් උන්වහන්සේ කීහ.

රජය ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් අනුනාහිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.

“අපි බොහෝ සෙයින් අහන දකින කාරනය තමයි රටේ නිදහස් අධ්‍යාපනය තහවුරු වී තිබිය යුතුයි කියන එක. නිදහස් අධ්‍යාපනයට මේ දක්වාම කිසිදු බාධාවක් ඇතිවී නොමැති බව අප අමතක නොකළ යුතුයි. නිදහස් අධ්‍යාපනය පිළිබඳව අපි එසේ කතා කළත් පාසැල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා යන ගමනේදී සිසුවෙකුට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා බොහෝ වියදම් කරන්න සිදුව තිබෙනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට උසස් පෙළ විභාගය අවසන් කරන තෙක්ම අපේ සිසු දරුදැරියන් බොහෝ දෙනෙක් මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගන්නවා. “

“ඒ වගේම මේ රටේ ජීවත් වන යම් හැකියාවක් ඇති පවුල්වල දරුවන් විදේශ විශ්වවිද්‍යාල වලට ඇතුළත්ව විශාල ධනස්කන්ධයක් වැය කරලා උපාධි ලබා ගන්නවා. ඒ නිසා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයටත් ඇතුළත් වෙලා වටිනා අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකිවීම වරදක් ලෙස නොදැකිය යුතුයි. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සම්බන්ධව බොහෝ සෙයින් කතා කරනවා. එහි ආචර්ය මහචාර්වරු වගේම පුහුණුව ලබන සිසු දරුවන් විශිෂ්ට ලෙස කටයුතු කරන බවට ප්‍රායෝගික අත්දැකීම් මටත් තිබෙනවා. කොවිඩ් වසංගතය තුළ ඒ දරුවන්ට පැවරී තිබෙන වගකීම අපේ රටේ අනෙකුත් වෛද්‍යවරු හා සෞඛ්‍ය සේවකයින් සමඟ එකතු වෙලා ඉතාමත්ම ආදර්ශවත්ව සිදුකරන බව සඳහන් කරන්න ඕන.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීතිරීති ඉතාමත්ම ශක්තිමත් මෙන්ම ඉතාමත්ම වැදගත්. ඒවා උල්ලංඝනය කරන්න කිසිවෙකුටත් පුළුවන්කමක් නැහැ. පෞද්ගලිකව අපි කල්පනා කළොත් අපට අත්දැකීම් තිබෙනවා කොළඹ, මහනුවර, ගම්පහ ආදි නගරවල විද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ට තමන් අපේක්ෂා කරන උසස් අධ්‍යාපනය ලබා ගැනීමට යාමේදී බොහෝ අවහිරතා ඇතිව තිබෙන බව. දැනටමත් කොතලාවල වෛද්‍ය පීඨය තුළ මහනුවර ප්‍රධාන පෙළේ පාසැල් වලින් ඉගෙනුම ලැබ උසස් ප්‍රතිපල ලැබූ දරුවන් කිහිපදෙනක්ම අධ්‍යාපනය ලබනවා. ඔවුන් වසරකින් පමණ උපාධිය සම්පූර්ණ කිරීමට නියමයිතයි. මේ විශ්ව විද්‍යාලයේ පවතින සුවිශේෂත්වය හමුදාකරණයක් ලෙස විග්‍රහ කරන එක වැරදි කාරනයක්.“

“ආරක්ෂක විශ්ව විද්‍යාලය තුළ පවතින මූලික නීතිරීතී, ශික්ෂණය, විනය සෑම අංශයකටම ලබාදෙමින් ඉතාමත් අර්ථවත් පිරිසක් රටට බිහි කරන්නට පුළුවන්කම ලැබේවි. එය අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා තිබෙන කාරනයක්. මේ වන විටත් අධ්‍යාපන,ආර්ථික,ආරක්ෂක හා සමාජ ක්ෂේත්‍ර වලට මේ විශ්ව විද්‍යාලයෙන් බිහිවූ උගතුන් ඉතා වටිනා සේවයක් ලබා දෙනවා. නෛතික පසුබිමකින් යුතුව නීතිරීතී සම්මත කර මෙම විශ්ව විද්‍යාලයේ අනාගත අභීවෘද්ධිය සඳහා කටයුතු සලසා දීම ජාතික වැදගත්කමකින් යුතු කාරනයකි.

ප්‍රතිපාදන කොමිෂන් සභාව ආරම්භ කළ අවස්ථාවේදීත් එයට යම් යම් විරෝධතා පැවැති බව බොහෝ දෙනෙකුට අමතකයි.එහෙත් අදවන විට එය මේ රටේ උසස් අධ්‍යාපනය මෙහෙයවන උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් සක්‍රීයව දායකවන වැදගත් විද්වත් ආයතනය ලෙස පවතිනවා.ඒ නිසා එහි සහයෝගය සම්බන්ධතාව කොතලාවලට ආරක්ෂක විශ්ව විද්‍යාලයටත් ලබාදීම යුතුකමක් හා වගකීමක්.මෙහිලා ඉදිරිපත් කෙරෙන විවිධ අදහස් උදහස් පිළිබඳව කල්පනා කරන විට ජත්‍යන්තර වශයෙන් ලෝකයේ ආරක්ෂක විශ්ව විද්‍යාල පිහිටුවා ඒ විශ්ව විද්‍යාල තුළින් අප්‍රමාණ සේවයක් සිද්ධකර ගන්නා ආකාරය අප අමතක නොකළ යුතුයි. ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඔස්ට්‍රේලියාව ,ජපානය, එංගලන්තය ඇතුළු තවත් බොහෝ දියුණු රටවලත් සංවර්ධන වෙමින් පවතින තුන්වන ලෝකයේ රටවලත් මෙබදු ආයතන දක්නට ලැබෙනවා.

ශ්‍රීලංකාවේත් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ හරිත විශ්ව විද්‍යාලය, සාගර විශ්ව විද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාල ආදි වශයෙන් විශේෂිත වූ විශ්ව විද්‍යාල ක්‍රියාත්මකයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර 38කට පෙර රට ම්ලේච්ඡයන්ගේ දේශයක් කළ කළුජූලියේ උපතෙහි ඇසින් දුටු සාක්ෂිය

Next Post

යාපනයේ කඩු මැරයන් තුන්දෙනෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.