උපාධි ප්‍රධානෝත්සවයක ගෞරවණීය ප්‍රතිපදාව බිඳ දමමින් අද (03) කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයේ දී උපාධි ලබන විද්‍යාර්ථයින්ගේ ඥාති පිරිස් ඉඳ ගැනීමට අසුන්වත් නොපනවා පැය ගණනක් තිස්සේ හිටගෙන එම උත්සවයට එක් කිරීමට සංවිධායකවරුන් කටයුතු කිරීම සම්බන්ධව දැඩි විවේචනයක් ඇති වී තිබිණි.
උපාධි ප්‍රධානෝත්සවයක් යනු සරසවියකින් බිහිවන ගෞරවණීය විද්වතෙක් වෙත උපරිම ගෞරවය සරසවියකින් පිදෙන අවස්ථාවකි. එමෙන්ම සරසවියකින් නිර්මාණයවන සාර ඵල එළිදක්වන, සරසවියකට ඇති අතිශයම ගෞරවණීය ඉසව්ව උපාධි ප්‍රධානෝත්සවය ය.
එහිදී සම්මාන ලබන්නන් මෙන්ම එම උත්සවයට ආරාධනා ලබන්නන් ද ගෞරව ලබන්නන් වන්නේය.
එහෙත් ශාලාවේ ඇති ආසන ගණනට වඩා වැඩි පිරිසක් ආරාධනා කර ගෙන්වා ගත් සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේ ඉඳගන්න අවස්ථාව ලැබෙන්නේ මුලින් පැමිණි කට්ටියට බවත් මෙහිදී අනුගමනය කළේ ඒ පියවර බවත්ය.
එවැනි නල්ලමලේ උපාධි උත්සවයක් මින් පෙර ලොවේ වත් අසා නොතිබුණු බව පැමිණ සිටි ආරාධිතයෝ ලංකාසරට කීහ.