කොටහේන, බෙනඩික්ට් මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වෙඩි වැදී බරපතල තුවාල සහිතව රෝහල්ගත කළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
අද (10) රාත්‍රී 7.30ට පමණ යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් විසින් මෙම ඝාතනය සිදුකර තිබේ.
පැදිකරු සමග පැමිණි ඝාතකයා මෙම වෙඩිතැබීම සඳහා T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බව පොලීසිය පවසයි.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමනේ පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඝාතකයින් සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.







