ගලහ – පේරාදෙණිය මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේ ෆයිනස් වනාන්තරයක ඇති වුන ගින්න මේ වනවිට පාලනය කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර පවසයි.
ගින්න පාලනයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි ප්රයතන්යක් දරනු ලැබුවේය.
හන්තාන රක්ෂිතයේ මහකන්ද ප්‍රදේශයට ඉහළ කොටසේ ඇතිවූ ගින්නකින් අක්කර 100 ක පමණ භූමි ප්‍රමාණයකට හානි සිදුවන්නේ මීට දින දෙකකට පෙරය.
ගින්න අද (10) පස්වරුව වනවිට නිවීගොස් තිිබෙන නමුත් ඉන් සිදුවූ පරිසර හානිය අති විශාල බව හන්තාන සුරැකීමේ සංවිධානය ප්‍රකාශ කළේය.
පරිසරවේදීන් පවසන්නේ මේ ඇතිවන්නේ ස්වභාවික ලැවු ගින නොවන බවය. මෙතෙක් වාර්තා වූ මේ ආකාරයේ සෑම සිදුවීමකම පසුපස වන සතුන් දඩයම හා ඉඩම් අත්පත් කරගැනීම පවතින බව ඔවුහු පෙන්වා දෙති.
වන සතුන් ඝාතනය කිරීමට සහ ඉඩම් අල්ලා ගැනීමට ඇතැම් පිරිස් රක්ෂිතයට ගිනි තැබීම නිසා වාර්ෂිකව හන්තානේ අක්කර දහස් ගණනක් විනාශ වන බවද ඔහු පෙන්වා දුන්නේය.







