fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොංග්‍රසයේ නායකත්ව අර්බුදය උග්‍රවේ – මහලේකම්කමට ජීවන් තොණ්ඩමන් 

by Lanka Sara Editor
ජූනි 17, 2020
in පුවත්
474 5
Share on FacebookShare on Twitter

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය සඳහා දැඩි සටනක් ගෙනගිය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතාට එම පක්ෂයේ මහලේකම් තනතුර ලබාදීමට එහි දේශපාලන මණ්ඩලය අද තීරණය කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ තනතුරු අර්බුදය විසඳා ගැනීම සඳහා හැටන් කොටගල පිහිටි පක්ෂ මූලස්ථානයට අද රැස් වූ දේශපාලන මණ්ඩල සභිකයින් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජීවන් තොණ්ඩමන් මහතා පත් කරගෙන තිබේ.

මහලේකම් ධුරය මීට ඉහත දී හොබවන ලද්දේ අනූෂා ශිවරාජ් මහත්මිය වන අතර, ඇය අද උදේ ඉල්ලා අස්වී ජීවන් තොණ්ඩමන්ට එම තනතුර ලබා දීමෙන් පසු ඇයට ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධුරයකට පත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කරනු ලැබ ඇත.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

ආරුමුගන් තොණ්ඩමන් මහතා මිය යෑමෙන් පසු පුරප්පාඩු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පුද්ගලයෙක් පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් පක්ෂය අභ්‍යන්තර හටගෙන තිබූ අතර මේ නිසාම ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මීට සති දෙකකට පමණ ඉහත දී පත් කරන ලදී.

ඒ පක්ෂ නායකත්වය සඳහා මේ වන විට සෙන්දිල් තොණ්ඩමන්, ජීවන් තොණ්ඩමන් හා ලංකා කම්කරු කොංග්‍රසයේ ශ්‍රේෂ්ඨයකු වන මුත්තු සිවලිංගම් යන අයගේ නම් කමිටුව වෙත යෝජනා වී තිබේ.

මේ තත්ත්වය මත ලංකා කම්කරු කොංග්‍රසයේ තවත් ශ්‍රේෂ්ඨයකු වන රමේෂ් නැමැත්තා පත් කරන ලෙස අද පැවති දේශපාලන මණ්ඩලයට යෝජනා වී නම ප්‍රතික්ෂේප කිරීමත් සමග නායකත්ව අර්බුදය තවත් උත්සන්න වී ඇතැයි එම කොංග්‍රසයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරුමුගම් තොණ්ඩමන් මහතා මියයෑමත් සමග ඔහු වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂක ධුරයට ජීවන තොණ්ඩමන් පත් කරන ලෙසත් ඔහු කොංග්‍රස් නායකත්වයට පත් කරන ලෙසත් වත්මන් රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ සෙසු කොංග්‍රසයේ නායකයින්ට දැඩි බලපෑම් එල්ල වූ බව ඉහත ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ අතර කොංග්‍රස් නායකත්වයට පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතා පත් කරන ලෙස කොළඹ පිහිටි රාජතාන්ත්‍රික කාර්යාලයකින් ද දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවත් මේ සියලූ බලපෑම් හේතුවෙන් කොංග්‍රසයේ නායකත්වය පත්කර ගැනීම තවත් ප්‍රමාද වන බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share96Tweet47
Previous Post

ඩුබායිහි සැඟව සිටි පාතාලේ අංජු ප්‍රංශෙට පනී

Next Post

පාසල් දරුවන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයි

Related Posts

පුවත්

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

පෙබරවාරි 4, 2023
පුවත්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

පෙබරවාරි 3, 2023
පුවත්

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

පෙබරවාරි 3, 2023
Next Post

පාසල් දරුවන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist