සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙළවෙන්න ඇරලා බලන් ඉන්නව ද?  මොළ හතානන්ගෙන්  ඇමති විමල්  අසයි!

by editor
මාර්තු 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කළුසල්ලි වෙළෙඳපල ප්‍රවර්ධනය කරන,  මෙපමණ විනිමය අර්බුදයක් පවතිද්දී මහ බැංකු අධිපතිවරයා මුණ ගැසෙන්නට වෙලාවක් නැති බව කියන, මොළ හතක් ඇතැයි සිතාගෙන සිටින උද්දච්ඡ මුදල් ඇමතිවරයා මේ රට විනාශ කරන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ කියයි.

මේ සෙල්ලම් කරන්නේ අපේ රට සමග බවත්, ඩබල් රටවැසි භාවයක් නැති තමන්ට ඉන්න හෝ මැරෙන්න   ඇත්තේ එක රටක්  පමණක් බවත් අමාත්‍යවරයා කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) සවස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක් වී එළි දැක්වූ  මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය  එළිදැක්වීමේ උත්සව අවස්ථාව අමතමිනි.

ඇමතිවරයා මෙසේ ද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාපට් කරපු පාරවල් තියෙනවා. තාමත් කාපට් කරනවා. කාපට් උඩින් තව කාපට් කරනවා. හැබැයි පාරෙ වාහනේ යන්න තෙල් නැතිවෙනවා. කාපට් එක තිබුණට ඒක උඩ යන වහානේට තෙල් නැතිනම් පාර කන්න ද?

ආණ්ඩුවක්  තියෙනවා මේ තත්වය ගැන බැරෑරුම් සාකච්ඡාවකින් තොරව. පාලකයො ඉන්නවා මේ තත්වය ගැන බැරෑරුම් අවධානයකින් තොරව. මේකෙන් ගොඩ එන්න ප්‍රධාන පියවර කීපයක් ගන්න ඕන. පළමුකො විශේෂඥ සහය ගන්න  ඕන. තමන්ට සියල්ලම තේරෙනවා. මගෙ මොළෙයි ඉතිරි තව හයයි මේ ඔක්කොම තියනවා.  ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ. මට මොකට ද විශේෂඥ සහය . මම හිතන විදිහට ඔක්කොම වෙනවා නම් ඒ මදෑ…“

“ඒ උද්දච්ඡ මානසිකත්වයට මේ අභියෝග ජය ගන්න බෑ. හදන්න ඕන ප්ලෑන් එකක්. සැලැස්මක්. ඒ සැලැස්ම අතට අරගෙන යන්න ඕන ණය දීපු අය හම්බවෙන්න. ගිහිල්ල කියන්න ඕන උඹල කියන විදිහට දැන් වාරික ගෙවන්න බෑ. අපිට ගෙවන්න පුලුවන් අපි හදපු සැලැස්මක් තියෙනවා. මේක පිළිගන්න කියලා. කෝ ඒ සාකච්ඡාව. “

“මහබැංකු අධිපතිතුමා කියනවා මාස හයක් තිස්සේ මේ තත්ත්වය හමුවෙ ගත යුතු පියවර නිර්දේශ කරලා මම ලිපි 09ක් ඇරියා. මම යෝජනා ඇරියා. එකකටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ කියලා.“

“මහ බැංකු අධිපතිතුමා හම්බවෙන්න වෙලාවක් නෑ මුදල් ඇමති තුමාට. මෙච්චර විදේශ විනියම අර්බුදයකින් පීඩා විඳින රටක මහබැංකු අධිපති මුණ ගැහෙන්න මුදල් ඇමතිට වෙලාවක් නැතිනම් එක්කො මේ කෙළවාගන්න ඉඩදී බලා සිටිනවා.“

“අද කළු සල්ලි ඩොලර් වෙළෙඳපළක් හැදිලා ප්‍රබල වෙලා. මම ලෝකේ මොන රටකවත් කිසිම මුදල් ඇමති කෙනෙක් ගැන අහල නෑ කළු සල්ලි මාකට් එක ප්‍රවර්ධනය කරන.  “

“මේ වෙලාවෙ මේ කළු සල්ලි මාර්කට් එක පුලුවන් තරම් ප්‍රවර්ධනය කරන්න නෙවෙයි ඒකෙ ක්‍රියාකාරිත්වය දුර්වල කරන් ඕන. නිත්‍යානුකූළ මාවතෙන් සල්ලි එන්නේ නෑ. දකුණු කොරියාවෙ රැකියාව කරන දරුවො සියයට අනූවක් සල්ලි එවන්නේ උන්ඩියල්වලින්. බැංකු පද්ධතියට හැරෙන ඩොලර් ටික හිඳෙනවා. හොර පාරෙන් යන ඩොලර් ගඟ තර වෙනවා. ඒකට එහෙම වැඩෙන්න දීලා බලන් ඉන්නවා. “

“මේ අපේ  රට එක්කයි සෙල්ලම් කරන්නෙ. අපිට ඩබලර රටවැසි භාවය නෑ. එකයි තියෙන්නෙ. ඉන්න හරි මැරෙන්න හරි ඔක්කොමෙ තියෙන්නෙ මෙතන…“

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු ජනපති මෛත්‍රී සමග ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකම වේදිකාව…

Next Post

මාර්තු 05 සිට විදුලි කප්පාදුවක් නෑ… හෙට සිට ඇති තරම් ඉන්ධන…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.