අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළිය ලා වෙනුවෙන් යළි පෙනී නොසිටින බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි!

by editor
ජූනි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවන් වන ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  ඇතුළු සැකකරුවන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ඊයේ (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

අදාළ ඉන්දියානු සමාගම් දෙකෙන් ඖෂධ වර්ග 38ක් මිලදී ගැනීමට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි ලයනල් ගුරුගේ ඇතුළු පස් දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මිහිරිද අල්විස් මේ බව දන්වා සිටියාය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන්  සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදි. එහිදී රජයේ නීතිඥවරිය සඳහන් කළේ ඉහත සඳහන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට මීට පෙර කරුණු ඉදිරිපත් කර තිබුණ ද ඔවුන් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.

එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සඳහන් කළේ සිය සේවාදායකයන්ගෙන් මෙම නඩුකරය තමන්ට පෙර දිනයේ ලැබුණු බවය. එය අධ්‍යයනය කිරීමට හෝ උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු බැවින් ඒ සඳහා කල් ලබාදෙන්න යැයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල නීතිපතිවරයා පෙනී නොසිටින බවට දැනුම් දෙන ලද වගඋත්තරකරුවන් වෙත මෙම පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි නැවත දන්වා යවන ලෙස නියම කළේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

පෙත්සම් විභාගය සැප්තැම්බර් 18 වැනි දින පැවැත්වීමට නියම කෙරිණි.

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, සැවොරයිට් පාමසිකල් ප්‍රයිවට් ලිමිටඩ්, කෞෂික් තෙරපියුටිස් පෞද්ගලික සමාගම සහ නීතිපතිවරයා ඇතුළු 47දෙනෙකු පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පෙත්සමෙහි සඳහන් වේ. ( නෙල්කා මැදගෙදර – දිනමිණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉදිරි දෙසතිය තුළ කොළඹට!

Next Post

රෝයල් පාර්ක් ඝාතකයා යළි රටට ගෙන්වීමේ නීතිමය පසුබිම  පොලිස් ඇමති නීතිපතිගෙන්  විමසයි….

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.