බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළියට ඇප ලැබෙයි – සිය දිවි නසා ගැනීමේ අවදානමක් ගැන නිතිඥයා කියයි

by Lankasara News
සැප්තැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට බෙදා හැර රෝගී ජීවිත අනතුරට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාස අටකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහරින ලෙස මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (11) නියෝග කළාය.

මේ අනුව මෙම නඩුවේ හත්වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්න කුමාර හේරත් , 12 සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ද ඇප මත මුදා හැරුණේ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් නියම කිරීමෙන් පසුවය.

කෙසේ වුවද මෙම ඇප ලබා දීමට කෙහෙළියගේ නීතිඥයන් විසින් කරන ලද ඉල්ලිමට විරා්ධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කෙහෙලිය රඹුක්වැල්ල ට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරිමට නොහැකි නම් අධිකරණ නිරික්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල යවා ඔහුගේ රෝගී තත්වයන්ට අදාළ ව ප්‍රතිකාර හා හෘද රෝගි ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ලෙස මලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එම ඉල්ලිම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර කෙහෙලිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුව අප මත මුදා හැරීමට කළාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද මෙම නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පලමුවැනි සැකකරු වන බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තාට සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට යන සැකකරුවන් දෙදෙනා සිය දිවිනසා ගැනීමේ උග්‍ර තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති බවත් දැඩි හෘද රෝගි තත්ත්වයකට මුහුණ පා ඇති බව සඳහන් කරමින් වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. පසුගිය නඩු වාරයේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යවනු ලැබු පළමු සැකකරු වන සමාගම් හිමියා අද අධිකරණයට ඉදිරිපත් නොකෙරුනු අතර සෙසු සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවයක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ ය. තවද පුර්ණ බාධිත තත්ත්වයට පත් විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරිමට නොහැකි බවත් එසේ පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇප ලබා දුන්නත් වැඩක් නොවන බවද ජනාධිපති නිතිඥ වරයා පෙන්වා දුන්නේය. එබැවින් සුදුසු ඕනැම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඊට විරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ 2019 වසරේ දී ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් එවා වසර පහක් පැරනි එවා බවත්ය. එමෙන්ම 8වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර දහයකදි ඇති විය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමාන තත්ත්වය තුලදි එම රෝග වලින් නොපෙලෙන බවයි. තවද වර්තමාන රෝගි තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දිමට සැකකරු අසමත් වී ඇති බවයි. මේ තත්ත්වය මත අධිකරණයට ඇප ලබා දීමට බලයක් නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරිමට නොහැකි නම් අධිකරණ නිරික්ෂනය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල යවා එම මානසික ප්‍රතිකාර සහ හදෘ රෝගි ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නඩුවේ 7වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වන සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අය රුපියල් ලක්ෂ එකක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහක ශරිර ඇප මත මුදා හැරිමට නියෝග කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුංචි දළපූට්ටුවා බේරා දෙන්න… දුර්ලභ ඇත් පැටියෙක් ගැන ගම්වාසීහු බලධාරීන්ට දන්වති!

Next Post

දළදා මාළිගාවට බෝම්බ ගැසූ අනුරලාට මේ රටේ බෞද්ධ ජනතාවගෙන් නම් ඡන්දය ලැබෙන්නේ නෑ… රෝහිණී කුමාරි කවිරත්න කියයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.