ඔහුට චෝදනා එල්ල වී තිබුනේ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඍජුව හෝ වක්‍රව නීති විරෝධී කටයුතුවලින් උපයා ගත් රුපියල් මිලියන 778ක් විශුද්ධි කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙක් පෙබරවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
රුපියල් මිලියන 748න් රුපියල් මිලියන 30ක් තමන්ට අයිති නැති මුදලක් බව දැන දැනම ලඟ තබා ගැනීම සහ විශුද්ධිකරණයට සහාය වීම එම ව්‍යාපාරිකයාට එල්ල වී ඇති චෝදනාවය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අදාලව කරන විමර්ශනයට අදාලව සැකකාර ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගැනුණි.







