කුරුන්දිමලේ විහාරය සම්බන්ධ නඩුකටයුතු විෂයෙහි කටයුතු කළ මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තමන්ට එල්ලවන ජීවිත තර්ජන සහ ඇති වී තිබෙන පීඩනය නිසා උපන් දැඩි මානසික ආතතිය හේතුවෙන් මෙම තීරණය ගත් බව මුලතිව් දිසාවිනිසුරුවරයා කියයි.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් 23 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යවා ඇත.
එම ලිපියට අනුව ඔහු දිසා විනිසුරු ධූරය, මහේස්ත්‍රාත් ධූරය, පවුල් අධිකරණ විනිසුරු ධූරය, ප්‍රාථමික අධිකරණ විනිසුරු ධූරය, කුඩා හිමිකම් උසාවි විනිසුරු ධූරය සහ බාල වයස්කාර අධිකරණ විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.
අකෙසේ වෙතත්, මෙම තර්ජන සහ බලපෑම් ප්‍රධාන වශයෙන් පැන නගින්නේ ඔහු මතභේදාත්මක කුරුන්තිමලේ පුරාවිද්‍යා ස්ථාන නඩුවලට සම්බන්ධ වීම නිසා බව වාර්තා විය.