හංවැල්ල තුන්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ යාපනයේ තිදෙනා අතරින් 16 හැවිරිදි දැරියගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.
පොලිස් මූලස්ථානය කීවේ අතුරුදහන් වූ තරුණිය සොයා පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුම්වල දී මෙම සිරුර හමුවූ බවය.
මෙසේ දිය නෑමට ගොස් අතුරුදහන් වී සිටියේ වසය අවුරුදු 14, 16 සහ දැරියන් දෙදෙනෙක් සහ 29 හැවිරිදි කාන්තාවකි. යාපනයේ සිට පැමිණි අක්කා නගෝ සහ ඥාති සොයුරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.
කුමාරි ඇල්ලේ දියඇල්ලේ දිය නෑම සඳහා මේ කණඩායම ඊයේ (30) ගොස් තිබිණි. මෙම පිරිස වත්තල ප්‍රදේශයේ නිවෙසකට පැමිණ පසුව කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් තිබේ.
ඇල්ලේ ඉහළ ප්‍රදේශයට හිටි හැටියේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලී එකවර ජලපහර වැඩිවීමත් සමග දියනාමින් සිටි පිරිස අතුරින් මේ තිදෙනා ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත.
ඔවුන් සමග දිය නෑ කණ්ඩායමේ තරුණයින් 05 දෙනෙක් ද සිටි බව පොලිසිය කියයි.