බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුමාර් සංගක්කාරගෙන් පසු එම්.සී.සී. ලොකු පුටුව කාන්තාවකට

by editor
ජූනි 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් වන එංගලන්තයේ මාලිබෝල් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් කාන්තාවක් පත්කර තිබේ. වත්මන් සභාපති කුමාර් සංගක්කාරගෙන් පසුව ලබන 2021  වසරේ ඔක්තෝම්බර් සිට එම ධූරයට එංගලන්ත හිටපු ක්‍රිකට් නායිකා ක්ලෙයාර් කෝනර් පත්කර තිබේ.
1995 වසරේදී එංගලන්ත කාන්තා යොවුන් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වු ක්ලෙයා 2000 වසරේදී එංගලන්ත ජාතික කණ්ඩායමේ නායිකාව වශයෙන් පත් වූවාය. ඇය එම්.සී.සී. පළමු කාන්තා සාමාජිකාව වශයෙන්ද ඉතිහාස ගතව ඇතැයි වාර්තා පෙන්වා දෙයි.
මේ වන විට 43 හැවිරිදි ක්ලෙයාර් අදාළ ධුරයට යෝජනා කිරීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටට පත්ව සිටින බව ඇය පැවසුවාය. “එම්.සී.සී. මීළඟ සභාපතිවරයා වශයෙන් මාව පත්කිරීම ඉතාමත් ගෞරවයක්. මේ වන විටත් ක්‍රිකට් මගේ ජීවිතය ඉතා ගැඹුරින් පොහොසත් කර තිබෙනවා. දැන් ලැබී තිබෙන්නේ ඊටත් වඩා ලොකු වරප්‍රසාදයක්. එදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයට මම නව හැවිරිදි වියේ ගියෙත් ක්‍රිකට් පිස්සියෙක් වගේ. නමුත් එදාට වඩා කාන්තාවට අද ලෝඩ්ස් හී තැනක් තියෙනවා.”
වසර 233 ක එම්.සී.සී. ඉතිහාසයේ විදේශකයකු සභාපතිවරයා වශයෙන් පත්වු පළමු අවස්ථාව සටහන් කරමින් කුමාර් සංගක්කාර 2019 වසරේදී අදාළ ධුරයට පත්විය. ඔහුගේ නිල කාලය මෙම වසරේ ඔක්තෝම්බර් මසදී අවසන් වීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය හමුවේ රාජකාරි කිරීමට කාලයක් නොතිබීමෙන් 2021 වසරේ ඔක්තෝම්බර් දක්වා අදාළ තනතුර දීර්ඝ කිරීමට එම්.සී.සී. විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.
මේ වන විට එම්.සී.සී. පූර්ණ සාමාජිකයන් සංඛ්‍යාව 18000 ක් වේ. එහි පළමු කාන්තා සාමාජිකාව වශයෙන් ක්ලෙයාර් 2018 වසරේදී සාමාජිකත්වය ලබා තිබේ. ලොව ක්‍රිකට් නීති රීති සකස් කරන එකම ක්‍රීඩා සමාජය වශයෙන් එම්.සී.සී. හඳුන්වන අතර එය ගෞරවයට පාත්‍රවන ක්‍රිකට් සමාජයකි. සමාජ සත්කාර මෙන්ම විවිධ වැඩසටහන් දියත් කරන එම්.සී.සී. ය වසරකට ක්‍රීඩා තරග පනහකට වැඩි සංඛ්‍යාවක් සංවිධානය කරනු ලබයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share75Tweet43
Previous Post

ඕනෑම සටනකට අපි ලෑස්තියි… ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියයි

Next Post

මාතලේ රෝහිණී කොමිසමෙන් ඇසූ ප්‍රශ්නය…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.