fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුණු පොහොර ගෙනා චීනා  බෙල්ල මිරිකයි!. ඩොලර් අර්බුදය මැද තවත් මරාලයක්…

කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත්  බලපෑම් කරන චීන මැරයන් එක්ක රටේ  ප්‍රබලයින් කීප දෙනෙක්...  

මාස 6ක් ago
in පුවත්
539 6
0
Share on FacebookShare on Twitter

රට තුළ දැවැන්ත ඩොලර් අර්බුදයක් පවතිද්දී ව්‍යාධිජනක හේතුවෙන් ප්‍රතික්ෂේපිත, බලහත්කාරයෙන් මෙරටට ගෙනා චීන කාබනික පොහොර හේතුවෙන් සිදුවූ ඩොලර් මිලියන 8ක පාඩුව හවුලේ විඳීමට ශ්‍රි ලංකාවට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මෙම පොහොර නිෂ්පාදනය කර මෙරට එවූ ක්වින්ඩාවෝ  සීවීන් බයෝටෙක් සමාගම  එක් අතකට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අනෙක් අතින් රජයට සිදු කරන දැඩි බලපෑම මත මෙම පොහොර නැව යළි රැගෙන ගොස් මෙරට අපේක්ෂා කරන ආකාරයේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල පොහොර ගෙන ආවොත් සමාගමට සිදුව ඇති පාඩුව ශ්‍රි ලංකා රජය හවුලේ විඳීමට එකඟතාව පළ කර ඇති  බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ චීන පොහොර සමාගම දිගින් දිගටම චීන තානාපති කාර්යාලය හරහා සහ තනිවම කෘෂිකර්ම අමාත්‍යංශයට සිදුකරන දැඩි බලපෑම හමුවේ බව සඳහන් වේ.

මෙම සමාගම මීට දින කිහිපයකට පෙරද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේටත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂටත් ලිපියක් එවමින් බලකර ඇත්තේ ඔවුන්ට මෙම පොහොර සඳහා අවශ්‍ය වන මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 8න් මිලියන 5.6ක් එනම් සියයට 70ක් සමඟ නැව් ගාස්තු ලෙස ඩොලර් මිලියන 36ක් ඇතුළුව  ඩොලර් මිලියන 41ක් ගෙවිය යුතු බවය.

මීට අමතර ව චීන පොහොර සමාගම විසින් යොදන ලද තවත් කොන්දේසියක් වන්නේ මෙම පොහොර තොගය ශ්‍රි ලංකාව ප්‍රතික්ෂේප කළේ ආනයන බලපත්‍රයකින් තොරව ව මෙරටට ගෙන්වීම හේතුවෙන් පමණක් බවත් එහි ව්‍යාධිජනක පැවතීම හේතුවෙන් නොවන බවත් ප්‍රසිද්ධ නිවේදනයකින් රජය මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බවය.

මෙම දැඩි බලපෑම හමුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුගමගේ දැඩි ස්ථාවරයක සිටියද ඔහුට ද තවත් යම් යම් බලපෑම්වලට යටත්ව ක්‍රියා කිරීමට සිදුව  ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එයට හේතු වී ඇත්තේ මෙම පොහාර ගෙන්වීම පසුබස තවත් රටේ ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනකුද ගැවසීම බව පැවසෙන අතර කෘෂිකර්ම අමාත්‍යවරයා මේ සඳහා ප්‍රතිචාරයක් ලෙස සිදුව ඇති පාඩුව හවුලේ විඳීම කළ හැකි බවත් ඊට පෙර පොහොර තොගය යළි චීනයට රැගෙන ගොස් නියමිත ප්‍රමිතීන්ට අනුකූල පොහොර තොගයක් යළි මෙරටට ගෙන්වීමට කටයුතු කළ යුතු බවත් පවසා තිබේ.

කෙසේ වුවද භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදේශ සංචිත සම්බන්ධයෙන් දැඩි අර්බුදයක සිටින ශ්‍රි ලංකාවට මේ වනවිටත් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය අහාර  ද්‍රව්‍ය ගෑස් ඇතුළු භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රමාණවත් තරමින්වත් ඩොලර් ලබා දීමට නොහැකි තත්ත්වයක  පවතින අතරේ ප්‍රතික්ෂේපිත පොහොර තොගයක් වෙනුවෙන් ඩොලර් මිලියන 44න් යම් ප්‍රතිශතයක් හෝ ගෙවීමට සිදුවුවහොත් එය විශාල අපරාධයක් වනු ඇති බවය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

නුවර පාරට උඩින් කඩා හැලෙන්නට යන පහළ කඩුගන්නාව කන්ද තහවුරු කරන මෙහෙයුම!

Next Post

මන්නාරම පෘතුගීසි කොටුව අසල දී තවත් සෙල්ෆි මරණයක්…

Related Posts

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

මැයි 26, 2022
Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

මැයි 25, 2022
Sagara-Kariyawasam

රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!
  • අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!
  • රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!
  • රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!
  • හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

ජනප්‍රිය පුවත්

  • අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

    175 shares
    Share 70 Tweet 44
  •  දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    285 shares
    Share 114 Tweet 71
  • මාධ්‍ය ඉදිරියේ හෙළි වුණු හරීන්ගේ ජනාධිපති හීනය…

    218 shares
    Share 87 Tweet 55
  • කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!

හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

 දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

නව මුදල් ඇමතිගෙන් සති 06කින් නව අයවැයක්….

අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

by editor
මැයි 26, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු...

Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

by editor
මැයි 25, 2022
0

අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය සේවාව තුළ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist