කුඩු තොගයක් මුහුදේ ගිල්වා පැන්න ටුවර් ගයිඩ් අල්ලන්න උදව් ඉල්ලයි

පකිස්තානයේ සිට මෙරටට මුහුදු මාර්ගගයෙන් ගෙන එමින් තිබුණු හෙරොයින් කිලෝ 125 ක් ඉකුත් සතියේදී මහා මුහුදට විසිකර නීතියෙන් බේරුණු මත්කුඩු කල්ලියේ ප්‍රධාන ඡාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් සහය පතයි.

සංචාරක මඟ පෙන්වන්නෙක් වන උදයංග ලක්මාල් නොහොත් ෂාටා නැමැති එම ඡාවාරම්කරු මේ වන විට සැඟව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

වැලිගම කඩේවත්ත කෝවිල්කන්ද ලිපිනයේ පදිංචිකරුවෙක් වන මෙම ඡාවාරම්කරු ඩුබායි හී සිට මත්කුඩු ඡාවාරම මෙහෙයවන හරක් කටා නැමැත්තාගේ ගෝලයෙක් ලෙස හදුනාගෙන තිබේ.


පකිස්තානයේ සිට මත්කුඩු තොගයක් රැගත් කුඩා නෞකාවකින් දකුණු මුහුදු තීරයට ආසන්න ඡාත්‍යන්තර මුහුදු සීමාවේදී ටෝලරයකට මත්කුඩු කිලෝ 125 පටවා ඇත. එම මත්කුඩු තොගය ගොඩබෑමට සූදානම්ව තිබී ඇත්තේ කිරින්ද පැත්තෙනි.

මේ ගැන කල්තියා ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැටලීමක් කර ගොඩබිමේදී එම මත්කුඩු තොගය භාර ගැනීමට සූදානමින් සිටි පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව නාවික හමුදාවට තොරතුරු දෙමින් මත්කුඩු තොගය රැගෙන එන ට්‍රෝලරය කොටුකර ගන්නා ලෙස මත්ද්‍රව්‍ය කාර්යංශය දැනුම්දී තිබේ. නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා එම ට්‍රෝලරයට ආසනන්න වන විට ඔවුන් මත්කුඩු තොගය ගැඹුරු මුහුදට විසිකර තිිබේ.

මෙම ඡාවාරමේ මෙරට මහ මොළකරු ලෙස ෂාටා නැමැති සංචාරක මඟ පෙන්වන්නාව හදුනාගෙන ඇති අතර මෑතකදී මෙරටට රැගෙන පැමිණි මත්කුඩු කිලෝ සිය ගණනක් ගබඩාකර බෙදා හැර ඇත්තේ ඔහු විසින් බවට තොරතුරු හෙළිවී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 071-8592727 , 011-2343333, 011-2343334 අංකයන්ට මෙම පුද්ගලයා ගැන යම් තොරතුරක් වෙතොත් දැනුම්දෙන ලෙසය. සාර්ථක තොරතුරු සපයන්නන්ට ත්‍යාග ලබාදීමටද පොලිස් මූලස්ථානය සූදානමින් සිටී.

Exit mobile version