ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියකගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් කෝටි 13කට ආසන්න වෙළඳපල වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් හා මත් පෙති (ඩාන්සින් පිල්) සමගින් අද පොලිස් විශේෂ කාර්ය බලකායේ අත් අඩංගුවට පත් වුනේය.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 02 හි නිලධාරීන් කණ්ඩායමක් විසින් කහතුඩුව පොලිස් වසමේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී සිදුකළ වැටලීමක දී මෙම අත් අඩංගුවට ගැනීම සිදුකෙරිනි.
පොල්ගස්ඔවිට ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගෙන ඇති නිවසක සඟවා තිබු හෙරොයින් 5kg කට ආසන්න ප්‍රමාණයක් අයිස් මත් ද්‍රව්‍ය 1.5kg කට ආසන්න ප්‍රමාණයක් හා ඩාන්සින් පිල් නමින් හැදින්වෙන මත් පෙති 800 ක ප්‍රමාණයක් සැකකරුවෙක් සමග විශේෂ කාර්ය බලකා නිලධාරීහු අත් අඩංගුවට ගත්හ.
අත් අඩංගුවට පත් වූ පුද්ගලයා මෙරට මත් ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ලද නෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 වන පිලාන කංකානම්ගේ ක්‍රිශාන් සංජුල හෙවත් “සංජු” නැමැත්තාය.
දුරටත් සිදු කරනු ලබන ප්‍රශ්න කිරීමේදී මෙම මත් ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියකවන කාංචනා නම් කාන්තාවකට අයත් බව හෙලි වී ඇත.
තවද මෙම නිවස එම කාන්තාව විසින් කලක සිට කුලී පදනම මත ලබා ගෙන මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගන්නා ස්ථානයක් ලෙස යොදා ගනිමින් මෙහි සිට විවිධ ප්‍රදේශ වෙත මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කොට ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද මෙම මත් ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත.







