ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති කුඩා වැව් 15958න්, වැව් 1160කට බලපෑම් එල්ල වී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.
එම වැව් 1160න් වැව් 125ක් මුලුමනින්ම විනාශ වී ගොස් ඇත.
තවත් වැව් 747කට අර්ධ හානි සිදුවී ඇති අතර වැව් 288ක සුළු හානි සිදුවී තිබේ.
මෙම හානි වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ අනුරාධපුර, වව්නියාව සහ කුරුණෑගල ප්‍රදේශවලිනි.
ප්‍රමුඛතාවය මත වැව් ප්‍රතිසංස්කරණය කරන බවත්, ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.







