බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩා මෙහෙණින්ට වද දුන් මිනුවන්ගොඩ ආරාමයේ ප්‍රධාන සිල් මාතාව රිමාන්ඩ්….

by editor
අගෝස්තු 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ටෝනි කරුණානායක –

මිනුවන්ගොඩ , බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනෙකුට සහ පැවිදිවීමේ  අපේක්ෂාවෙන් එම  මෙහෙණි ආරාමයේ සිටි කාන්තාවකට බැන තර්ජනය කිරිම, පහරදීම සහ සාපරාධී බලහත්කාරය පා අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම පිරිවෙනෙහි සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන මෙහෙනින් වහන්සේ එළඹෙන මස 11 වැනි දා දක්වා  රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු   අද (28) පස්වරුවේ දී නියම කළාය.

පලාපත්වල ප්‍රෙද්ශයේ පදිංචිව සිටි ප්‍රධාන මෙහෙනින් වහන්සේ නමක මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි .

මෙහෙනින් වහන්සේලා ලෙස සිට සිවුරු හැර දමා ගිය දැරියන් තිදෙනාව සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාව ඇතුළු  සිව් දෙනාවද සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස ඉල්ලමින් මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම් කේ රමනි නිලධාරිනිය  අද (28) පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහෙනින් වහන්සේලා ලෙස සිටි අවුරුදු 12,15 සහ 18 ක් වයසැති එම දැරියන් තිදෙනාව සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි 32 හැවිරිදි කාන්තාව මහේස්ත්‍රාත් නිල කාමරය වෙත ඉදිරිපත් කරනු ලැබීය .

මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දී එම සිවුදෙනා විසින් ප්‍රකාශ ලබාදුන් බවට අධිකරණයේදී සඳහන් විය. ඉන් අනතුරුව  දැරියන් තිදෙනාව සහ කාන්තාව ගම්පහ දිස්ත්‍රික්  මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියම කෙරුණි. එම  අධිකරණ වෛද්‍ය වාර්තා සමග දැරියන් තිදෙනා  සහ කාන්තාව නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට වැඩිදුරටත් නියම කෙරුණි.

රිමාන්ඩ් භාරයට පත් එම ප්‍රධාන සිල් මෑණියන් විසින්  සිදුකරන හිංසා ඉවසාගත නොහැකිව බොරගොඩවත්තේ පිහිටි මෙහෙණි ආරාමයේ සිටි කුඩා සිල් මෑණියන්  තිදෙනෙකු එම  මෙහෙණි ආරාමය තුළ සිවුරු ගලවා දමා වෙනත් ඇදුම් ඇදගෙන මහණ වීමේ අපේක්ෂාවෙන් එහි සිටි  කාන්තාවක් සමග  ඉකුත් 24 වෙනිදා අලුයම මෙහෙණි ආරාමයෙන් වෙනත් මෙහෙණි ආරාමයක් සොයා  පලා ගොස් තිබූ බවත් පසුව එම සිව්දෙනාව නුවරඑළිය පොලිසිය භාරයට ගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත භාරදී තිබු බවටත් අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය .

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් වසන්ත (55562) නිලධාරියා සමඟ උප පොලිස් පරීක්ෂක එම් කේ රමණි නිලධාරිනිය පැමිණිල්ල මෙහෙය වූවාය.  – ලංකාදීප

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධිකරණ ඇමති හෙළි කළ B-Love Kandy කණ්ඩායමේ ජාවාරම්කාර අනුග්‍රාහකයා ආසියා කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ගනී!

Next Post

ප්‍රතිජීවක එන්නතින් මිය ගිය රෝගියාගේ පටක කොටස් ඔස්ට්‍රේලියාවේ පරීක්ෂණාගාරයකට!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.