බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුජීතයි… කඩුළු 10කින්ම පරාදයි… ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු විස්සයි 20 රටට ක්‍රිකට් එපා කරයි!

by editor
ජූනි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

“ප්‍රෙෂර් එක රිලීස් කරගෙන මයින්ඩ් සෙට් එක හදාගන්නට“ පැය ගණන් පෝලිම්වල ලැගගෙන සිට පෙට්‍රල් ගහගෙන අතේ තියන තුට්ටුවත් වියදම් කරන් ගිය අසරණයින්ට අබ සරණය.

අබුදස්ස කාලයක් එන විට ක්‍රිකට්වලින්වත් හිත හදාගන්නට බැරි බව ලෝක ධර්මතාවය අපට කියා දුන්නේය. ළදරු පාසලක පුංචි උන් සමග සෙල්ලම් කරනු විලාසයෙන් අපේ ජාතික කණ්ඩායම සමග ඔස්ට්‍රේලියානුවෝ  සෙල්ලම් කළහ. බලාගෙන සිටි ප්‍රේක්ෂකයන් පිටවී ගියේ  සල්ලිත් දී  නැති පීඩනයක් අරන් එන්නටය.

අද (07)කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු විස්සයි 20 තරගය පැවැත්විනි. තරගය ආරම්භ වූයේ සවස 7ට යට.

රාත්‍රී 9ට පෙර  ශ්‍රී ලංකාව ලකුණු 127කට දැවී ගියහ. කණ්ඩායම ඕවර 20 ක්‍රීඩා කළේ නැත. ඕවර 19.3ක දී සියලු දෙනාම දැවී ගියහ.  ඔස්ට්‍රේලියාවට ලකුනු 128ක ඉලක්කයක් හිමිවී තිබිණි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 128 ඉලක්කය ලබා ගන්නේ එකම කඩුල්ලක්වත් නොදැවීය. පන්දු ඕවර 14ක දීය. තරගය අවසන් කරන විට ලකුණු 134ක් ඔස්ට්‍රේලියානු ඉනිමේ සටහන් විය.  ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්  බලාගෙන හිටියේ හොඳටම ගුටි කන පන්දු යවන්නන් දෙසය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ආරම්භක පිතිකරුවන් වූ  ඩේවිඩ් වොර්නර් සහ නායක ආරොන් ෆින්ච් දෙපලම අර්ධ ශතක ලැබූහ. ෆින්ච් පන්දු 40ක දී ලකුණු 61 ක් රැස් කළේය. ඊට හයේ පහර 04ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. ඔහු තරගය නිමා කළේ   හයේ පහරකිනි.  ඩේවිඩ් වෝනර් ලකුණු 70ක් රැස් කළේය. පන්දු 44ක් පමණක් ඊට වැය කළේය. හතරේ පහර 09ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියානුවෝ පන්දු යැවීම තේරූහ. එහි ඉතාම යහපත් ප්‍රතිඵල ඔවුහු නෙලා ගත්හ

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 36 ක්, චරිත් අසලංක ලකුණු 38 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක් හා වනිඳු හසරංග ලකුණු 17 ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා පිල පළමු පන්දු ඕවර 10 තුලදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 79ක් ලබා ගෙන ප්‍රබල ස්ථානයක පසුවුවත් ඕස්ට්‍රේලියානු පිලේ වේග පන්දු යවන්නෝ   ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුළු 09 ඕවර් 9.3ක් තුලදී ලකුණු 49ක්ට දවා ගත්හ.   මිෂෙල් ස්ටාක් කඩුලු 03ක් ද ජොෂ් හසල්වුඩ් කඩුළු 04ක් දවා ගත්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරති…

Next Post

රෝග නිවාරණ කටයුතු මුලුමනින්ම බිඳවැටිලා… බෙහෙත් හිඟයි… ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවුනොත් මහා විනාශයක් වේවි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.