දිනසේන රතුගමගේ
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයක් ලුහු බැඳගොස් කිළිනොච්චිය උදයරනගර් ප්‍රදේශයේ දී ඊයේ (28) සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථය පදවා ගෙන ගිය පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් තිබේ.
කිළිනොච්චිය පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා 38 හැවිරිදි කිළිනොච්චියේ උදයනගර් ප්‍රදේශයේම පදිංචිකරුවකු බවයි.
තුවාලකරු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර මෙම වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදු වූ එකක් බවට පොලීසිය සැකකරයි.
සැකකරුව අත් අඩංගුවට ගැනීමට කිළිනොච්චිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







