දිනසේන රතුගමගේ
කිළිනොච්චිය කරඩුපෝක්කු හන්දිය ප්‍රදේශයේදී 26 වෙනිදා අරුම පුදුම මල්වර මංගල්ලයක් පවත්වා තිබේ.
මෙහිදී මල්වර වූ දැරිය උදෑසනම නහවා අළුත්ම වස්ත්‍රාභරණවලින් ඇයව අලංකාර ලෙස සරසා දෝලාවක් වැනි පල්ලැක්කියක් මත ඇයව හිදුවා මුළු කිළිනොච්චිය නගරය පුරාම පෙරහැරක් ගොස් තිබේ.
එම පෙරහැරේ බෙරකරුවෝද නැට්ටුවෝද වෙනත් අංග ඉදිරිපත් කළ පිරිස්ද මල්වර වූ දැරියගේ ඥාතීන්ද ගමන් කොට තිබේ.
කෙසේ වෙතත් කිළිනොච්චියේ තරුණ කණ්ඩායම් මෙම මල්වර උත්සවය ගැන ඉතා උනන්දුවෙන් කතා කළත් කිළිනොච්චියේ වැඩිහිටි හින්දු ජනතාව එම මල්වර උත්සවය තම ආගමට දහමට නිගා දුන් ක්‍රියාවක් ලෙස මත පලකොට ඇත.