දිනසේන රතුගමගේ –
අයිස් කැට ද සමගින් කිළිනොච්චියේ ප්‍රදේශ කීපයකට කාලයකට පසුව ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදවල මාර්ග ඊයේ (22) වනවිට 22 සම්පූර්ණයෙන් යටවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටියහ.
වැඩිම වර්ෂාවක් ලැබී තිබුණේ කිළිනොච්චියේ ඉරත්නම්නගර් හා භාරතීපුරම් යන ප්‍රදේශ වලටය.
එම පළාත් වල අස්වැන්න නෙලීමට ආසන්නයේ තිබූ කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබේ.
මහා ධාරානිපාත වර්ෂාවක් කිළිනොච්චිය ප්‍රදේශයට ඇද වැටී ඇත්තේ මාස හතරක කාලයකට පසුව වන අතර කිළිනොච්චිය මුලතිව් මාර්ගයේ විශ්වමඩු ප්‍රදේශයට අයිස් කැටද වර්ෂාව සමග පතිත වී තිබේ.







