රුපියල් මිලියන 210 කට ආසන්න වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 941ක බරකින් යුතු රන් බිස්කට් 51 ක් ගුවන්තොටුපලින් පිටකිරීමට යෑමේ දී ගුවන්තොටුපල ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් වූ සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයා අද (14) රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
කැරට් 24 රන් බිස්කට් 51ක් තම පාදවල සඟවා විශේෂ වෙළුම්පටිවලින් ඔතා ඒවා යළි සිය මේස්වලින් වසා ගෙන කටුනායක ගුවන් තොටුපොළින් පිටව යාමට ඇති විශේෂ කවුළුවෙන් පිටව යමින් සිටියදී අද උදෑසන 6.50ට පමණ රේගු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට
අත් අඩංගුවට පත්ව ඇති මෙම පුද්ගලයා මීගමුව, කඳවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකි. මෙම රන් බිස්කට් තොගය කිසියම් පුද්ගලයෙකු ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත ගුවන්තොටුපලින් පිටකරදීමට ඔහු උත්සාහ කර ඇති බවත් මේ තැනැත්තා සිය නිල බලය සහ රාජකාරි වගකීම් බිහිසුණු ලෙස අවභාවිතා කරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරන්නට ඇතැයි සැක කරන බවත් රේගුව පවසයි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකරු සිය අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







