කීර්ති ප්රනාන්දු –
ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිල ඉහළ යෑම, ඩොලරයේ අගය ඉහළ යෑම හා නැව් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීම සීමා කිරීමට හෝ නවතා දැමීමට සිදුවන බව කිරිපිටි ආනයන සමාගම් කියයි.
කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සමාජිකයෙක්වන ලක්ෂ්මන් විරසූරිය ලංකාසරට පවසා සිටියේ මීට පෙර ද අවස්ථා කීපයක කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලුව ද රජය ඒ සඳහා අවධානය යොමු කළේ නැති බවය.
එබැවින් කිරිපිටි ආනයනය සියයට 70කින් පහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන ඇති බව හෙතෙම පවසයි.
රට තුළ දිනකට කිරිපිටි පරිභෝජනය ටොන් 200ක් බවත්, පවතින තත්වය මත කිරිපිටි ආනයනය කිරීම සීමා කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.
අන්න වර්ජන… අපිත් සහය දෙනවා.. අදම මේ දැන්ම නවත්තන්න…