සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැළණිතිස්සෙන් මෙගාවොට් 165ක් යළිත් ජාතික විදුලිබල පද්ධතියට

by Lanka Sara Editor
සැප්තැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රීයකර, නැවතත් ජාතික පද්ධතියට දෛනිකව මෙගාවොට් 165 ක් බැගින් එක්කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ඊයේ (15) පස්වරුවේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරිම සඳහා පැවති චාරිකාවකට සහභාගි වෙමිනි.

2019 ඔක්තෝබර් මස සිට අක්‍රීයව පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ හිමිකාරීත්වය යටතේ පවතින යාන්ත්‍රික දෝෂයකට ලක්වූ අදාළ බලාගාරයේ කොටස් අළුත්වැඩියා කටයුතු සදහා ඉන්දියාව වෙත යවා ඇත.

පසුගිය සමයේ සමස්ත ලෝකයටම පොදුවේ බලපානු ලැබූ කොරෝනා උවදුර හේතුවෙන් මේ දක්වා එම යන්ත්‍ර අළුත්වැඩියා කොට නැවත ගෙන්වාගැනීමට නොහැකි වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබදව කරුණු විමසා බැලූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ඉන්දියානු රජය සමග සාකච්ඡා කොට, බලාගාරයේ අක්‍රීයව ඇති යන්ත්‍ර කඩිනමින් අළුත්වැඩියා කර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

තවද වරින්වර මෙසේ යාන්ත්‍රික දෝෂයන්ට ලක්වන විදුලි බලාගාර අළුත්වැඩියාව වෙනුවෙන්, මේ වනවිට සාම්ප්‍රදායිකව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග තුලින් සිදුවන ප්‍රමාදදෝෂයන් අවම කරගැනීමට යම් දීර්ඝකාලීන සැලසුමක් සකස් කළයුතු බවත්, අවදානමට පෙර සූදානම සුදුසු බැවින්, ජාතික විදුලි පද්ධතිය සමතුලිතකරණය වෙනුවෙන් කැළණිතිස්ස වැනි බලාගාර නිරන්තරයෙන් දෝෂ රහිතව ක්‍රියාත්මක තලයේ පවත්වාගැනීම වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා වර්ධනය කළයුතු බවත්, එම ඉලක්කය කරා විදුලිබල ක්ෂේත්‍රය ගෙනයාමේ භාරධුර කර්තව්‍ය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇපැකැපවී කටයුතු කළයුතු බවත් මෙහිදී විෂයබාර අමාත්‍ය අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිල්ලියේ කතකට ලිංගික අඩන්තේට්ටම් කළ ශ්‍රී ලන්කන් කළමනාකරුට වැඩ වරදී

Next Post

“ශෘංගාරය කුණුහරපයක් නම් මේ ලෝකය කියන්නෙ බිලියන 07ක කුණුහරපයක්…”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.