බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැලණි ගොඩැල්ලෙන්  ගල්කණු ගෙනවිත්  පරංගි කොළඹ හැදූ හැටි… කැළණි  දාගැබේ අතීත පවත…

by editor
දෙසැම්බර් 11, 2021
in පුවත්, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු-

සම්මා සම්බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් සිද්ධස්ථානයක් ලෙස ශ්‍රී ලාංකික බෞද්ධයන් අතර ගෞරවාදරයට පාත්‍රව ඇති කැලණිය කොළඹ නගරයට තදාසන්න ව පිහිටි ආගමික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් ස්ථානයකි.

වංස කතාවන්හි කල්‍යාණි නමින් හැඳින්වෙන කැලණිය ක්‍රිස්තු පූර්ව පහ දෙක සියවස් වන විට මනාව සංවිධානය වී පැවති අයුරු ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් මනාව පැහැදිලි වේ. එම රාජධානියට පැරණි මායා රටින් විශාල ප්‍රදේශයක් හා වර්තමාන සබරගමුවෙන් කොටසක්ද ඇතුළත් වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි.

කැලණි රාජධානියේ අග අගනුවර වූ කැලණිපුයේ හදවත වන් ව පිහිටි කැළණි විහාරය අතීත ප්‍රෞඩත්වය ට දෙස් දෙමින් අද ද විරාජමානව පවතී. සාහිත්‍ය මූලාශ්‍රයන්ට අනුව බුද්ධ කාලය දක්වා දිව යන ඉතිහාසයක් සහිත කැලණි විහාරයේ ඓතිහාසික වශයෙන් වැදගත් වනුයේ දාගැබයි. කැලණි විහාරය බිහිවීමට මුල් වූ මෙම දාගැබ පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා පුරාවිද්‍යාත්මක අගයක් විද්‍යාමාන නො කළ ද ශ්‍රී ලංකාවේ දාගැබ් ඉතිහාසයෙහි සුවිශේෂී නිර්මාණයක් බැවින් එහි යටගියාව විමසා බැලීම මෙම ලිපියෙහි පරමාර්ථය වේ.

කැලණි දාගැබ 1907

 වංසකතා පවත

මහාවංසයෙහි සඳහන් වන ආකාරයට චුලෝදර මහෝදර නා රජුන් අතර මිණි පළඟක් අරභයා හටගත් ආරවුලක් සංසිදුවනු වස් බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ දී කැලණියේ මනිඅක්ඛික නා රජු විසින් උන්වහන්සේට සිය රාජධානිය වන කැලණියට ද වැඩම කරන ලෙස ඇරයුම් කළේය.  මහාවංසය අනුව ඒ ඇරයුම පිළිගත් උන් වහන්සේ බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි වෙසක් පුන් පොහෝ දින පන්සියයක් රහතන් වහන්සේලා ද පිරිවරාගෙන කැලණියට වැඩම කළහ. එහිදී උන්වහන්සේ වර්තමාන කැලණි දාගැබ පිහිටි ස්ථානයෙහි වැඩහිඳ රහතන් වහන්සේලා සමග දන් වළඳා මණි අක්ඛික නා රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම ස්ථානයෙහි අනාගතයේදී කැලණි මහා ථූපය පිහිටුවන බව උන් වහන්සේ දිවැසින් දුටු බැවින් මොහොතක් නිරෝධ සමාපත්තියට සමවැදී හුන් බව දීප වංශයෙහි සඳහන් වේ.

මහාවංසය දීපවංසය වැනි පාලි වංස කතාවන්හි කැලණි දාගැබ බිහිවීමට පසුබිම් වූ තොරතුරු පිළිබඳව එලෙස කරුණු ඉදිරිපත් වුවද දාගැබ නිර්මාණය කිරීම පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් නොවන බැවින් ඒ පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමෙහිලා අපට ඉවහල් වනුයේ පූජාවලිය රාජාවලිය රාජරත්නාකරය වැනි සිංහල වංශ කතාවන්ය.

ඒ අනුව කැලණි දාගැබ කරවා ඇත්තේ යඨාල තිස්ස නම් ප්‍රාදේශීය රජකු විසිනි. පූජාවලියෙහි සඳහන් වන පරිදි යටාලතිස්ස කළ කැලණි පහය ඇතුළු කැලණි වෙහෙර කරවා එහිම රජ කර තිබේ.     රාජාවලියෙහි ද මේ පුවත මෙලෙස ම සඳහන් වේ.  රාජරත්නාකරයේ  ද යටාලතිස්ස රජු කැලණි වෙහෙර බඳවා එහි පංච භූමියක සාංඝික ප්‍රාසාදයක් කරවා බොහෝ ශාසන උපකාර කළ බව සඳහන් වූවත් එහි රාජ්‍ය කළ බවක් සඳහන් නොවේ.   පූජාවලියෙහි ම පසු තැනක කැලණි වෙහෙර කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දක් යැයි සඳහන් වුවද එය ප්‍රතිසංස්කරණය විය යුතුවේ.

චූලෝදර සහ මහෝදර අතර මිණි පළඟේ ප්‍රශ්නය විසඳීමට කැලණියට වැඩමවීම… කැලණි විහාරයේ සිතුවමකි..

කැලණි දාගැබ ඉදිකිරීම හා සබැඳි කිසිදු තොරතුරක් මහාවංසයෙහි සමහර නොවූවද වෝහාරිකතිස්ස රජු ක්‍රි(ස්තු වර්ෂ 214 – 236 ) විසින්  දාගැබට   ඡත්‍රයක් පූජා කළ පුවතක් සඳහන් වේ. මෙය කැලණි දාගැබ පිළිබඳව මහා වංසයෙහි සඳහන් මුල්ම තොරතුරු වන අතර දුටුගැමුණු රජ දවස ( ක්‍රිස්තු පූර්ව 161 -157) කැලණි විහාරයෙහි පන්සියයක් භික්ෂූන් වහන්සේලා වාසය කළ බව හා කණිට්ඨතිස්ස රජු  (ක්‍රිස්තු වර්ෂ 164 – 192) විහාරයට පොහොය ගෙයක් කරවීම යන ප්‍රවෘත්තීන් අනුව වෝහාරික තිස්ස රජ සමය වන විට කැලණිය  කැපී පෙනුනු ආගමික මධ්‍යස්ථානයක්ව පැවති බවට සාධක ලැබේ.

අනුරාධපුර යුගයෙන් පසු

ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසෙන් පසුව දොළොස්වන සියවසේ පොළොන්නරු යුගය දක්වා කාලසීමාව තුළ දී කැලණි දාගැබ පිළිබඳව කිසිදු තොරතුරක් වංස කතාවන්හි සඳහන් නොවේ.  නිස්සංකමල්ල රජු (ක්‍රිස්තු වර්ෂ 1187 – 1196) කැලණි විහාරයට පැමිණ එහි නව විහාර කර්මාන්ත ආදිය කරවා පුද පූජා කළ බව ඔහුගේ ශිලා ලේඛණ කීපයකම සඳහන් කර තිබේ.

මේ අතර ක්‍රිස්තු වර්ෂ 1213 දී මාඝ ආක්‍රමණය නිසා කැලණි විහාරයට ද බලවත් හානි සිදු වූ අතර මාඝ රජුගෙන් රට මුදවාගත් III වන විජයබාහු  රජු (වර්ෂ 1232 -1236 ) කැලණි දාගැබ යළි බඳවා ඊට රන් කොතක් ද පැළඳ වූ බව මහාවංසයෙහි සඳහන් වේ.  ඉන් අනතුරුව II වන පරාක්‍රමබාහු රජ ( 1236 – 1270) විසින්  කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ම සිදු කොට දාගැබට   ගල් ඇතිරූ  සලපතල මළුවක්ද කරවා දී තිබේ

කෝට්ටේ රජ පැමිණි ධර්ම පරාක්‍රමබාහු රජු ද කැලණි විහාරයේ නටබුන් වූ ගොඩනැඟිලි කටු කොහොල් කරවා ඊට නොයෙකුත් පුද පූජා හා ප්‍රදානයන් කළ බව කැලණි විහාරයේ ඇති ඔහුගේ ශිලා ලේඛනයෙහි සඳහන් වේ. එම ලිපියට අනුව මෙම පිළිසකර කටයුතු සිදුකොට ඇත්තේ “……. සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට දෙදහස් එක් පනස් වනුව  ලංකා රාජ්ජශ්‍රීයට පැමිණි….. ශ්‍රීමත් සිරිසඟබෝ දස නව වනු නවමැ පුර එකොළොස්වක දින…… දීය.

මේ අනුව ධර්ම පරාක්‍රමබාහු රජු ක්‍රිස්තු වර්ෂ 1508 රාජ්‍යත්වයට පත්ව ඇති අතර කැලණි විහාරයේ පිළිසකර කටයුතු සිදුකොට ඇත්තේ ඊට වසර 19 කට පසුව එනම් ක්‍රිස්තු වර්ෂ 1527 යෙදීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව පැන නගින ගැටලු  කිහිපයක් ද වේ. රාජාවලිය හා රාජ රත්නාකර සංස්කරණවල සඳහන් වන පරිදි ධර්ම පරාක්‍රමබාහු රජ පැමිණ ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1508 දී නොව ක්‍රිස්තු වර්ෂ 1490 දීය. අනෙක් කරුණ නම් ඔහුගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු වර්ෂ 1513 දී අවසන්වන බැවින් මෙම ප්‍රතිසංස්කරණ වර්ෂය එම රාජ්‍ය කාලයට අයත් නොවීමයි. මේ පිළිබඳව අදහස් දක්වන ජී පී වී සෝමරත්න( political history of the kingdom of kotte ) 1527 වනවිට කෝට්ටේ රජ වූයේ  III වන භුවනෙකබාහු බව සඳහන් කරයි. මේ කෙසේ වෙතත් මෙම ලිපිය ධර්ම පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දක් බව නිසැකය.

කොළඹ හදන්න ගෙනා කැලණි කන්දේ ගල් කණු

මෙම ප්‍රතිසංස්කරණයෙන් වසර 48 පසුව එනම් ක්‍රිස්තු වර්ෂ 1575 දී දෙවන වරටද කැලණි විහාරයට ආක්‍රමණකාරී බලපෑම් එල්ලවන්නට විය. ඒ අනුව ඒ වන විට කොළඹ පෘතුගීසි කපිතාන් ධූර දැරූ දියෝගුද මෙලෝ (Diogo de- Melo) විසින් කැලණි දාගැබ ඇතුළු සියලු විහාරාංග විනාශ කර දමන ලද අතර විහාරයේ සියලු බෞද්ධ කටයුතු ද තහනම් කරන ලදී .

පෘතුගීසීන් කැලණි දාගැබ බිඳ දැමීම… ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවමකි….

මේ විනාශකාරී බලපෑම් හමුවේ කැලණි විහාරයේ පැවැත්ම ඉතාමත්ම ශෝචනීය තත්ත්වයකට පත් වූ අතර විහාර භූමිය ක්‍රමයෙන් වල්බිහිවී යන්නට පටන් ගනී. ඒ අනුව 18 වන සියවස මුල් භාගය වන විට මෙම ස්ථානය කෙතෙක් දුරට නොසලකා හැර තිබුණේද යැයි කිවහොත් කොළඹ නගරයේ   අවශ්‍යතා සඳහා මෙම ස්ථානයෙහි තිබූ ගල් කණුද ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ.

මාර්ටින් වින්ටර්ගර්ස්ට් ( Martin wintergerst)  විසින් රචිත 1963දී ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද travels in ceylon 1700 – 1800 නම් ග්‍රන්ථයට අනුව කොළඹ නගර දොරටුව සඳහා විශාල ගල් කණු ගෙනැවිත් ඇත්තේ මෙම නටබුන් දාගැබ් භූමියෙනි. එම ගල් කණු රැගෙන ඒම සඳහා මිනිසුන් සිව්දෙනෙකු පිටත් කර යැවූ බවත් ඔවුන් අඩි 8 10 12 දිග ප්‍රමාණ වලින් යුතු අඩි භාගයක් ඝනකමකින් යුත් ගල් කණු හතලිස් දෙකක් අවට කැලෙන් කපාගත් ගස් වලින් සාදන ලද පාරුවලින් කොළඹට ප්‍රවාහනය කළ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

මේ වන විට වල් බිහිව තිබූ කැලණි විහාරය සහිත ගොඩැල්ල හැඳින්වූයේ කැලණි කන්ද (Hill of calana/ Calany )නමිනි. 1735 37 කාල සීමාව තුළදී ඕලන්ද පෙරදිග ඉන්දීය සමාගමේ ( V.O.C – De VEREENIGDE OOST – INDISCHE COMPAGNIE) සේවය කළ යොහාන් වොල්ෆ්ගෑන්ස් හේඩ්ට් (Johaan Wolfgang Heydt) ගේ 1952 දී ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද ceylon ම් ග්‍රන්ථයෙහි කොළඹ සිට රට අභ්‍යන්තරයට ගමන් කළ විට ගසින් වැසී ගත් ගොඩැල්ලක් ඇති බවත් එය ගලන හෙවත් කලන Calana or Calana නමින් හැඳින්වෙන බවත් එහි සිංහලයන්ගේ විහාරයක් තිබූ බවත් සඳහන් වේ.

අද පවතින තත්වයට පත් වූ හැටි

පෘතුගීසීන් විසින් කරන ලද විනාශ කිරීම්වලින් අනතුරුව නටබුන්ව පැවැති කැලණි විහාරය වර්තමාන තත්ත්වයට පිළිසකර වීම ආරම්භ වූයේ 18 වන සියවස අග භාගයේ දී ය. ඒ අනුව වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය දෙහිගස්පේ අත්ථදස්සි හිමියන් ද උන්වහන්සේගේ ශිෂ්‍ය මාපිටිගම බුද්ධරක්ඛිත හිමි ද කැලණි විහාර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට තිබේ. ක්‍රිස්තු වර්ෂ 1767 ට අයත් ශිලා ලේඛනයක ඒ බව සඳහන් වනුයේ මෙසේ ය

  1. ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය එකොළොස්වැන්නේ
  2. හි වෙසඟපුර මහල්ලෙක් ඉන්න රිදෙන හඳුන්වා පහළොස්වක ලත් ගුරු දින අත්ථදස්සි
  3. තෙර සාමින් ප්‍රධානකොට ම ශිෂ්‍ය වූ මාපිටිගම සාමණේර
  4. නම විසින් නටබුන්ව තිබූ වෙහෙර වහන්ශෙ සහ විහාර
  5. මළුව වැඩ කරවා ගල් පිළිම නමක් නේත්‍රා ප්‍රතිෂ්ඨා කළාය

එලෙස ආරම්භ කරන ලද පිළිසකර කටයුතු සඳහා කන්ද උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය ද ලැබුණු අතර ඔහු එම කටයුතු වලට අමතරව විහාරයේ නඩත්තුව සඳහා ගොඩ මඩ ඉඩම් ද පූජා කළ බව ක්‍රිස්තු වර්ෂ 1779 දී පිහිටුවන ලද ශිලා ලේඛනයක සඳහන් වේ.

එහි සඳහන් පරිදි දාගැබ ඇතුළු විහාර කර්මාන්තවල පිළිසකර කටයුතු සඳහා ගඩොල් දස ලක්ෂ පනස් දහසක් ද හුණු අමුණු එක් ලක්ෂ පනස් දහසක් ද යොදා ගෙන තිබේ. ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව කැලණි විහාරය මාපිටිගම බුද්ධරක්ඛිත හිමි ද තඹ සන්නසකින් භාරදී ඇති අතර එහි කැලණි දාගැබ පිළිසකර කටයුතු පිළිබඳව තව දුරටත් මෙසේ සඳහන් වේ.

“… කල්‍යාණි චෛත්‍යය නටබුන්ව තිබෙන පවත් අසා වදාරා එහි සුන්බුන් කර්මාන්ත කරවනුයේ භාණ්ඩාගාරයේ දහස් ගණන් මුදලුත් දෙවා මාපිටිගම බුද්ධරක්ඛිත භික්ෂූන්ට අවසර දෙමු 550000 ගඩොළුයෙන් සතළිස් රියන් උස බඳවා සුනු අමුණු පන්සියයකින් සුධා කම්මාන්ත කොට අවට ප්‍රාකාරයක් හා ප්‍රති මාලයක් ද…….”

ධාන්‍යාකාර දාගැබ්

18 සියවසේදී කරනලද  යථෝක්ත ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව කැලණි දාගැබ අද දිස්වන ආකාරයට ධාන්‍යාකාර වී ගොඩක් බඳු හැඩයක් ගත්තද අතීතයේදී මෙය කවර හැඩයක් ගත්තද යන්න අවිනිශ්චිතය.

ධාන්‍යාකාර හැඩය ශ්‍රී ලංකාවේදාගැබ් විෂයෙහි ප්‍රචලිත හැඩයක්ද නොවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මුල්ම දාගැබ වූ ථූපාරාමය ද 1868 ප්‍රතිසංස්කරණයට පෙර ධාන්‍යාකාර හැඩයක් වූ බව සඳහන් වේ.

කැලණි දාගැබ හැරුණු විට උතුරු මැද පළාතේ ඔත්තප්පුව දාගැබ ද ධාන්‍යාකාර දාගැබක් බව හෙන්රි පාකර් සඳහන් කරයි. (Ancient ceylon – 1909). ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැබැල්ලෑ ලෙන ද ධාන්‍යාකාර හැඩැති දාගැබක්ව තිබී ඇති බව එම් එච් සිරිසෝම  සඳහන් කරයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආර්. එස් මැක්ෆයිල් (R.S Macphail) ගේ මිනුම් ප්‍රමාණ උපුටා දක්වන Henry parker කැලණි මුළු උස අඩි අසූ අටක් හෝ අනූවක් හෙවත් රියන් හැටක් බව ප්‍රකාශ කරයි.

සැළලිහිණි සංදේශයෙහි එන පහත කවියෙන්ද දාගැබෙහි උස රියන් හැටක් බව සඳහන් කරයි.

අහසින් අවුත් මිණි අක් නයිදු         නැදුමට

රහතුන් මැදෙහි මුණි හිඳි                  මිණිපළඟපිට

දහම දෙසූ තැනැ කල සැට රියන්    කොට

මහ දාගැබ් හිමින් වඳු සොළොස     තන් සිට

හෙන්රි පාකර් ගේ විස්තරයට අනුව මෙම දාගැබේ පහළම පේසාව අඩි 106 අඟල් 10 ½ ක්ද, මැද පේසාව අඩි 98 ක්ද, ඉහළම පේසාව අඩි 92 අඟල් 1 ½ ක්ද, විශ්කම්භයකින් යුක්තය ගර්භය පාමුල විශ්කම්භය අඩි 85 යි අඟල් 7කි.

යථෝක්ත දාගැබ මුල්කොට බිහිවූ කැලණි විහාරය වර්තමානයේ විහාරාංග රැසකින් පරිපූර්ණ විහාරයක් ලෙස වර්ධනය වී තිබේ. මෙහි ඇති විහාරගෙය ද විශිෂ්ට නිර්මාණයන්ගෙන් සුසැඳි වන අතර කොටස් තුනකින් යුක්ත පැරණි විහාර ගෙය මහනුවර යුගයේ බිතුසිතුවමින් යුතුය.  පැරණි විහාර ගෙයට සම්බන්ධ කොට 1946දී වැඩ නිමකර ඇති නව විහාර ගෙය කොළඹ යුගයේ ප්‍රකට සිත්තරකු වූ සෝලියස් මෙන්දිස් ගේ සිතුවමින්ද අලංකෘතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ණය ගන්නවා ද?. නැද්ද?. අවසන් තීන්දුව දවස් දෙකකින්!

Next Post

රහසිගතව තිබූ යුගදනවි ගිවිසුම අනුරට ලැබුණු හැටි ගැන සොයා බලයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.