කීර්ති ප්‍රනාන්දු –
කැලණි ගංගා ද්‍රොණියට සහ අත්තනගලු ඔය ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48ක දක්වා කාලයක් දක්වා දීර්ඝ කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
පවතින තත්ත්වයන්ගේ වෙනස්වීම් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන මෙන් මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙත්ත අද මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 06 දක්වා ගංවතුරෙන් ආපදාවට ලක් වූ කිසිවෙක් ගැන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් වාර්තා කරන්නේ නැත.
අද (15) දිනය තුළ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර නුවරඑළිය සහ ත්‍රි කුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවල මිලි මීටර 75ට අධික තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
අද දවසට අදාල පූර්ණ ආපදා තත්ත්ව විස්තරය පහත දිගුවෙන් ලබා ගත හැකිය.
2 .Situation Summary Report at 0600hrs on 2024.10.15_compressed (1)







