කැලණිය ප්‍රදේශයේ නිවසක තිබී සැක කටයුතු ලෙස මිය ගිය බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් ඊයේ (18) සොයා ගෙන ඇත.
නිවස පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාව මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියා සිටියි.
මියගොස් ඇත්තේ කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි තනිව පදිංචිව සිටි අයෙකි.නිවසින් දුර්ගන්ධයක් හමන බව පවසමින් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්විණ. කැලණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.







