කැනඩාවේ මධ්‍යම සස්කචෙවාන් පළාතේ සිදු වූ පිහි ඇනුම්වලට සැකකරුවන් ලෙස ඩැමියෙන් සැනඩර්සන් හා මිලිස් සැන්ඩර්සන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ආයුධ ද සහිතව සංචාරය කරන බැවින් ඔවුන්ව හඳුනා ගතහොත් වහාම 119ට දැනුම් දෙන ලෙසත් එම පළාතේ පොලීසිය ජනතාවට දැනුම් දී තිබේ.
මෙම පිහි ඇණුම් හේතුවෙන් දහදෙනෙකු මියගොස් 15කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා සිටින බව එරට පොලීසිය පවසයි.
ජේම්ස් ස්මිත්, ක්‍රී නේෂන් හා වෙල්ඩන් ගම්මානය ඇතුළු ස්ථාන 13කින් මිය ගිය පුද්ගලයින් හා තුවාල ලැබූවන් හමු වී තිබේ. සමහර පුද්ගලයින් ඔවුන් විසින්ම රෝහලගතව ඇති නිසා තුවාල ලැබූවන් සංඛ්‍යාව 15ටත් වැඩි විය හැකි යැයි පොලීසිය සැක පහළ කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ට්ඩියාව් පවසන්නේ මෙය බිහිසුණු හා හද කම්පා කරවන සුළු සිදුවීමක් බවයි.
සැකකරුවන් 31 හා 30 හැවිරිදි වියේ පසුවෙන්නන් වන අතර ඝාතනයන්ට හේතුව මෙතෙක් පැහැදිලි වී නැත.
අල් ජසීරා සේවය සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේය.







