ශ්රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියේ තරගාවලි ජයග්රහණය තීරණය කරන තුන්වැනි සහ අවසන් තීරණාත්මක තරගය සූරියාවැව ක්රීඩාංගනයේ දී අද උදේ 10ට ආරම්භ වේ.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණඩායම මුලින්ම පන්දුවට පහරදීම තෝරාගෙන ඇත.
විශේෂත්වය වන්නේ මුල් තරග දෙකට ක්රීඩා නොකළ ඇෆ්ගනිස්ථාන සුපිරි දඟ පන්දු යවන්නාවන රෂීඩ් ඛාන් මෙම තරගයට ක්රීඩා කිරීමය. ඔහු කණ්ඩායමට එක් වී ඇත්තේ පන්දු යවන තුන් ඉරියව් ක්රීඩකයෙක් ලෙසය.
පසුගිය කණ්ඩායමේ ක්රීඩා කළ වේග පන්දු යවන ක්රීඩක කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාර කැඳවා තිබිමය. මව් රටේ දී තරගාවලි පරජයකින් බේරීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම සිය උපරිමය කරනු ඇති බවට ක්රීඩා ලෝලීහු අපේක්ෂා කරති.