දිනසේන රතුගමගේ –
අධික වර්ෂාව දැඩි සුළග හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සියලුම පාසල් 9 දා සිට වසා දැමීමට තීරණය කළ බව යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් පැවසිය. එහෙමන්ම කිළිනොච්චියේ පාසල් සියල්ලම 10 දා සිට යළි දැණුම් දෙන තුරු වසා දැමීමට තීරණය කළ බව කිළිනොච්චිය දිසාපතිනී රූපවතී කේතීස්වරන් නිවේදනය කළාය.
වර්ෂාවට පාසල් ගොඩනැගිලි ජලයෙන් යටවීම ජලය කාන්දුවීම නිසා පාසල් ගොඩනැගිලිවල අධ්‍යයන කටයුතු පවත්වා ගෙන යාමට නොහැකි වීම සහ ළමයින්ට පාසල් පැමිණීමට ඇති අපහසුව නිසා මේ තීරණය ගත් බවද දිසාපතිවරු පැවසූහ.
පළාතේ පවතින අයහපත් තත්ත්වය තව දුරටත් නිරීක්ෂණය කිරීමෙන් පසුව යාපනයේ සහ කිලිනොච්චියේ පාසල් යළි ආරම්භ කරන දිනය ගැන තීරණයක් ගන්නා බවද දිසාපතිවරු දැනුම් දුන්හ.







