කාර්ගීල්ස් ෆුඩ් සිටි ශාඛාවක දී ප්‍රවේශ දොරටුව අගුළු දමා වසා පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් පස් දෙනෙක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා තියුණු ලෙස ප්‍රචාරය වූ අතර එම පහරදීම සිදුවන්නේ හංවැල්ල කාර්ගීල්ස් ෆුඩ් සිටි ශාඛාවක බව මුලදී ප්‍රකාශ විය.
නමුත් විමර්ශන ආරම්භ කළ පසු හෙළි වන්නේ මෙම පහරදීම සිද්ධවන්නේ හංවැල්ලේ නොව, බොරැල්ල ෆුඩ් සිටි ශාඛාවක් තුළ බව පොලිසිය හෙළි කරගත්තේය.
සැකකටයුතු සොරකමකට ප්‍රතිචාර වශයෙන්, අලෙවිසැලේ සිටි පිරිමි සහ කාන්තා සේවකයින් කිහිප දෙනෙකු පාරිභෝගික කාන්තාවට අමානුෂික ලෙස පහර දෙන ආකාරය CCTV දර්ශනවල සටහන් විය.
විමර්ශකයන්ට අනුව මෙම පහර දීම සිදුවන්නේ සැප්තැම්බර් 18 වැනි දිනය. .කෙසේ වෙතත් එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වන තුරු කිසිවෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොතිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මීට පෙර කාගීල්ස් ෆුඩ් සිටි සමූහයේ කළමනාකාරීත්වය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වගකිව යුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවය.







