2021 /2022 මහා කන්නයේ සිදු වූ වගා හානි වන්දි ලබා දීමට හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් ඉදිරිපත් කළද මෙතෙක් මුදල් ප්‍රතිපාදන ලැබී නොමැති බව වත්මන් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
ඇමතිවරයා මේ අදහස් පළ කළේ ගොවි නියෝජිතවරුන් සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි නියෝජිතවරුන් කළ විමසීමකට පිලිතුරු දෙමින්ය.
මහ කන්නයේ දී වන්දි මුදල වශයෙන් රුපියල් බිලියන 15ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබෙන බවත් වගා හානි වන්දි සම්බන්ධයෙන් තමා නැවත අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවත් ගොවි නියෝජිතවරුන්ට දන්වා සිටියේය.







