සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබනික වගාවෙන් අස්වැන්න 30%කින් අඩුවෙන බව තහවුරු වෙලා – සජිත්

by Lanka Sara Editor
නොවැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බතලේගොඩ වී පර්යේෂණ ආයතනය සියලු තාක්ෂණික ප්‍රමිතීන්ට යටත්ව සිදුකරනු ලැබූ කාබනික වගාවේ දී අස්වැන්න 21% – 30% ත් අතර ප්‍රමාණයක් අඩුවන බව පෙන්වා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

එසේ වුවහොත, වගාව සම්පූර්ණයෙන් ම කාබනික පොහොර මත පමණක් සිදු කිරීම යන්න ඉදිරියේ එළඹෙන අතිශය භයංකාර ආහාර හිඟයක පෙර නිමිත්තක් හෙතෙම පෙන්වා දුනි.

විපක්ෂ නායකවරයා අද(09) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්න මෙලෙස දැක්වේ.

“මෙරට සම්පූර්ණ ශ්‍රම බලකායෙන් 25%ක් පමණ පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය මෙන්ම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%ක දායකත්වයක් දක්වනු ලබන්නේ කෘෂිකර්මාන්තයයි. රටේ සමස්ථ ඉඩම් ප්‍රමාණයෙන් හෙක්ටයාර මිලියන 2.4ක් පමණ කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ අතර, ඒ අනුව 2010 වර්ෂය වනවිට රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ගොවීන් පිරිස් සමත් විය. මේ සඳහා ගොවීන් පමණක් නොව කෘෂි විද්‍යාඥයින්, කෘෂි පර්යේෂකයින් මගින් ලැබුණු දායකත්වය අතිමහත්ය. ඔවුන්ගේ එම කැපවීමේ ප්‍රථිපලයක් වශයෙන් 2019 වසරේ දී  ලෝක ආහාර සුරක්ෂිතතා දර්ශකයේ 66 වැනි ස්ථානය මෙරටට හිමිවිය. නමුත්, වත්මන් ආණ්ඩුව කෘෂිකර්මාන්තය වෙනුවෙන් භාවිතා කළ රසායනික පොහොර ක්ෂණිකව තහනම් කිරීම හේතුවෙන් වැවිලි බෝග ඇතුළු සමස්ත කෘෂිකර්මාන්තයම මේ වනවිට බරපතල අර්බුදයකට ලක් කොට ඇත. 
විශේෂයෙන්ම රටක් වසංගත තත්ත්වයෙන් මිදීමෙන් අනතුරුව සාගතයක් ඇති නොවීමට නම්, ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ප්‍රධාන අවධානයක් යොමු කිරීම අනිවාර්යය තත්ත්වයකි. ඒ කෙසේවෙතත්, රටක කෘෂිකර්මාන්තය පිළිබඳව මෙවැනි බරපතල තීරණයකට යොමුවීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳව විශේෂඥ උපදෙස්, පූර්වාදර්ශ සහ ප්‍රමාණවත් පර්යේෂණ සිදුවී ද යන්න පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු වේ. එය විද්‍යාත්මක කරුණු මත පදනම් වූ තීරණයක් මිස හුදු දේශපාලන තීන්දුවක් ලෙස සිදු නොවිය යුතුයි. මන්ද රජය කුමන තීරණයකට එළඹුන  ද එහි ප්‍රථිපල රටේ ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොකළ යුතුය.
රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගත් මෙම අවිද්‍යාත්මක, මිත්‍යාදෘෂ්ටික හා අත්තනෝමතික තීරණය රටේ තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි බරපතල ලෙස බලපෑම් ඇති කර තිබේ. වැඩිවන ජනගහනයට සාපේක්ෂව අවම වශයෙන් 1%ක ආහාර නිෂ්පාදනයේ වාර්ෂික වර්ධනයක් ශ්‍රී ලංකාව තුළ සිදු විය යුතුයි. කෙසේ වෙතත්, බතලේගොඩ වී පර්යේෂණ ආයතනය සියලු තාක්ෂණික ප්‍රමිතීන්ට යටත්ව සිදු කරනු ලැබූ කාබනික වගාවේ දී අස්වැන්න 21% – 30% ත් අතර ප්‍රමාණයක් අඩුවන බව පෙන්වා දී ඇත. එය එසේ වන්නේ නම්, වගාව සම්පූර්ණයෙන් ම කාබනික පොහොර මත පමණක් සිදු කිරීම යන්න ඉදිරියේ එළඹෙන අතිශය භයංකාර ආහාර හිඟයක පෙර නිමිත්තක් වේ. 
දෙවැනි කරුණ වනුයේ, වී වගාවට අමතරව තේ, රබර්, පොල් වගාවන්, එළවළු සහ පළතුරු මෙන්ම වෙනත් ක්ෂේත්‍ර බෝග වගාවන්ගේ අස්වැන්න හා ප්‍රමිතිය අඩුවීමේ අවධානමක් ඇතිවීමයි. එහි ප්‍රථිපලයක් ලෙස වසර සිය ගණනක් තිස්සේ රැකගත් සිලෝන් ටී නාමය ලෝක වෙළඳපොලෙන් ඉවත්ව යාමත්, කුරුඳු ඇතුළු අනෙකුත් අපනයන බෝග සඳහා ඇති කීර්තිනාමය විනාශ වී යාමත් සිදුවීම නොවැලැක්විය හැකි වනු ඇත. 
තව ද අඩුවන අස්වැන්න නිසා වී මොල්හිමියන්, කර්මාන්තකරුවන්, සැපයුම්කරුවන් ඇතුළු අනෙකුත් කෘෂිකර්මාන්තය හා බැඳි ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක් ද අනතුරේ වැටී තිබේ. අවසානයේ මෙම සියලු බර පාරිභෝගිකයා මත පැටවෙන අතර, එය බොහෝ විට අතමිට මුදල් තිබුන ද සලාක ක්‍රමයකට ආහාර සොයා යාමක් දක්වා ද වර්ධනය විය හැකියි. 
එමෙන්ම, දේශීයව ප්‍රමාණවත් ආහාර සැපයුමක් නොමැති වූ විට සහල් හා එළවළු ඇතුළු අනෙකුත් බොහෝ ද්‍රව්‍යයන් විදේශීය රටවලින් ආනයනය කිරීමට සිදු වනු ඇත. එහි දී ආනයනික ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු විය හැකි අතර, එය උග්‍ර විදේශ විනිමය අර්බුදයකට ද මුල පිරීමක් වනු ඇත.  
 
මෙම සියලු කරුණු වලට අමතරව, රජයේ මෙම අමනෝඥ තීරණය නිසා තවත් වඩාත් භයානක අනතුරු දෙකකට මෙරට මුහුණ දෙමින් සිටී. එනම්, සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අවභාවිතා කරමින් කාබනික උන්මාදය හරහා නව ව්‍යාපාර පැලැන්තියක් බිහිකර, එමගින් කොමිස් ලබා ගැනීම සඳහා විෂ පොහොර සහ නිසි පර්යේෂණ ප්‍රථිපල මගින් සහතික නොකරන ලද නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීම ආරම්භ කිරීමයි. 
ජෛව විවිධත්වයෙන් අනූන අප කුඩා දිවයින බාහිර ජෛව ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කිරීමට ජාතික ශාක නිරෝධායන පනත (National Plant Quarantine Act) ක්‍රියාත්මක විය. මෙම ප්‍රමිතීන්ගෙන් දෙවරක් ම ප්‍රතික්ෂේප වූ කාබනික පොහොර යැයි හඳුන්වා ගත් නැව් මේ වනවිට ලංකාව වටා සැරිසරමින් කෙසේ හෝ මෙම අහිතකර යැයි හඳුනාගත් පොහොර අප මාතෘ භූමියට බැහැර කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටී. මෙම තත්ත්වයන් වඩා සංකීර්ණ කරමින් ප්‍රමාණවත් තරමේ ප්‍රමිතිගත පරීක්ෂණයක් දේශීයව හෝ විදේශීයව සිදු නොවූ නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර මිලියන ගණනක් ගොවිබිම් සඳහා යොදවා අප කෘෂි භූමිය මහා පරිමාණ පරීක්ෂණ භූමියක් බවට පත් කිරීමට කටයුතු කර ඇත. මෙම අහිතකර අපද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය භූමියට හෙලීමේ විපාක කෘෂි විද්‍යාඥයින්, පාංශු විශේෂඥයින් හා බෝග විශේෂඥයින් (ඊනියා වෛද්‍ය කෘෂි විශේෂඥයින් පවා) දිගින් දිගටම පෙන්වා දෙමින් තිබේ. නමුත්, ඒ කිසිවකට ඇහුම්කන් නොදී ආණ්ඩුව ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය මෙන්ම මතු පරපුර වෙනුවෙන් සුරැකිය යුතු සමස්ත භූමියම දූෂිත කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි. 
අනෙක් භායානක කරුණ වන්නේ, ස්වයංපෝෂිත කෘෂිකාර්මික ආර්ථිකයකට හිමිකම් කියනු ලබන අප ගොවි ජනතාව, ක්‍රමානුකූලව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරීමේ උත්සාහයයි. පළමුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන සාධක ලබා නොදී කෘෂිකර්මාන්තයේ නියැලීම අධෛර්යමත් කරයි. දෙවනුව ඔවුන්ගේ සශ්‍රීක ඉඩම් විෂ පොහොර යොදා මුඩු ඉඩම් බවට පත් කරයි. කෘෂි ඉඩම් පාළුවට යාමෙන් අනතුරුව ඒවා මුඩු ඉඩම් වශයෙන් හඳුන්වා බහුජාතික සමාගම් වලට කුණු කොල්ලයට විකිණීම සඳහා අවශ්‍ය පදනම මෙමගින් රජය සකස් කර ගනු ලබන බවට බරපතල සැකයක් උපදවයි. 
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි. 
1.     බතලේගොඩ වී පර්යේෂණ ආයතනය විසින් පෙන්වා දී ඇති පරිදි කාබනික ගොවිතැන නිසා වී අස්වැන්නේ අඩුවීමක් සිදුවන බව රජය පිළිගන්නේ ද? එසේනම්, ප්‍රමාණවත් සහල් සැපයුමක් වෙළඳපොළට සිදුවන බවට සහතික වීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ ද?
 
2.     1999 අංක 35 දරණ ජාතික ශාක නිරෝධායන පනත උල්ලංඝණය කරමින් තෙවන පාර්ශවයක නිර්දේශ මත කාබනික පොහොර යැයි ලේබල් කළ පොහොර ගෙන්වීමට රජය අවසර දෙන්නේ ද? මෙය පූර්වාදර්ශයක් කරගනිමින් පසුගිය කාලසීමාවේ දී ජාතික ශාක නිරෝධායන සේවය මගින් ප්‍රතික්ෂේප කරන ලද ආනයන හා අපනයන ද්‍රව්‍ය, ඕනෑම තුන්වැනි පාර්ශවයක නිර්දේශ සමග නැවත ගෙන්වීමට එකී සමාගම් විසින් ඉදිරියේ දී ඉල්ලුම් කළහොත් ඒ සඳහාත් අවස්ථාව ලබා දෙන්නේ ද? 
 
3.     නැනෝ නයිට්‍රජන් පොහොර මගින් මිනිසාගේ ශරීර සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවන බවටත්, පරිසර හිතකාමී බවටත් ඇති වාර්තා මොනවා ද? එම වාර්තා සභාගත කිරීමට කටයුතු කරන්නේ ද? ආනයනය කරනු ලබන නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වන ලද්දේ ක්ෂේත්‍ර මට්ටමින් දේශීයව සිදු කරන ලද පරීක්ෂණයන් මත පදනම්ව ද? එසේනම්, එම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද? 
 
4.     රසායනික පොහොර තහනම නිසා වී, තේ, රබර්, පොල් වගාවන් සහ එළවළු, පළතුරු මෙන්ම වෙනත් ක්ෂේත්‍ර බෝග වගාවන්හි අස්වනු අඩුවීම වෙනුවෙන් අසරණ වන ගොවීන්ට රජය ලබා දෙන්නේ යැයි පැවසූ වන්දි ලබාදීමේ වැඩපිළිවෙල කුමක් ද? එම අස්වැන්නේ අඩුවීම කොපමණ ද යන්න ගණනය කිරීම සඳහා පදනම් කරගනු ලබන දත්ත මොනවා ද? 
 
5.     ගොවීන්ට මෙම වන්දි ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැය තුළින් වෙන්කර තිබේ ද?
 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන එන්තරවාසිය සැලකිය යුතු ලියැවිල්ලක් නොවෙයි… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි!

Next Post

මේ පොහොර ගෙනියන්න… හරි පොහොර අරන් එන්න… චීන සමාගමට නිශ්චිතව දැනුම් දී අවසන්…  

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.