බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තා ක්‍රිකට් කණඩායම ලෝක කුසලාන මුල් තරගයේ දීම අනපේක්ෂිත ලෙස පකිස්ථානයට පරදියි….

117ක ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට ගොස් ලකුණු 85ට සියල්ලෝ දැවී යති...

by editor
ඔක්තෝබර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

CC T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ (ඔක්තෝබර් 3 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානය හමුවේ ලකුණු 31කින් පරාජයට පත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉදිරියේදී තරග කිරීමට නියමිත තරග 3 හි ප්‍රතිඵලය තීරණාත්මක සාධකයක් වනු ඇත.

ලබන ඔක්තෝම්බර් 05 වැනිදා ඕස්ට්‍රේලියාව සමගත්, ඔක්තෝම්බර් 12 වැනිදා ඉන්දියාව සහ ඔක්තෝම්බර් 15 වැනිදා නවසීලන්ත කණ්ඩායම සමගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිත ය.

පන්දුවෙන් ජයගත් පළමු කඩ ඉම

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ පකිස්ථාන කණ්ඩායමේ පිතිකාරිණියන්ට සුපුරුදු ලෙස ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන්හ.

සුගන්දිකා කුමාරී පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා ලකුණු පුවරුවේ මුළු ලකුණු සංඛ්‍යාව 17ක් ලෙස සටහන් වන විට නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඉන් පසුව සිද්රා අමීන්, ඕමයිමා සොහේල් සහ නිඩා ඩාර් සහ ෆාතීමා සනා ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ තම කණ්ඩායමේ ලකුණු ඉහළ දැමීමට දැඩි උනන්දුවකින් යුතුව පිතිකරණයේ නියැළුනහ.

පකිස්ථාන පිතිකාරිණියන්ට පහසුවෙන් ලකුණු රැස් කිරීමට ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නියන් පන්දු වාර 20 අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 116 කට සීමා කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනි ලකුණු 20 කට කඩුලු 3ක්, සුගන්දිකා කුමාරී ලකුණු 19 කට කඩුලු 3ක් සහ චමරි අතපත්තු ලකුණු 18 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුහ.

වගකීම් විරහිත පිතිකරණය

ලකුණු 117ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා පිතිකාරිණියන් අද තරගයේදී පකිස්ථාන පන්දු යවන්නියන් හමුවේ අසරණ විය.

ලකුණු අතර සිටින චමරි අතපත්තු ලකුණු 6 කටත්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 7 කටත්, හසිනි පෙරේරා ලකුණු 8 කට සහ කවීෂා දිල්හාරි ලකුණු 3 කට දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව පන්දු වාර 10.5 කදී කඩුලු 04ක් දැවී ලකුණු 47ක් ලෙස සටහන් වී තිබුණි.

විශ්මි ගුණරත්න ලකුණු 20ක් ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක්ද රැස් කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු පිතිකාරිණියකට ලකුණු 10 සීමාව පසුකර යෑමට පකිස්ථාන පන්දු යවන්නියන් ඉඩක් ලබා නොදුන්හ.

ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 85ක් පමණි.

තරගයෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවේ ලකුණු හඹා යෑමේ දී තම කණ්ඩායම අපහසුතාවයට පත්වූ බව ය.

“අපිට තණ තීරුවේ ස්වභාවයන්ට හැඩ ගැසෙන්න අවශ්‍යයි. මේ තණ තීරු පිතිකරණයට යෝග්‍යයි. නමුත් ලකුණු හඹා යෑමේ දී අපිට අසීරු තත්ත්වයක් ඇති වුණා.”

“අපි හොඳින් පන්දු යැව්වා. තණ තීරුව මන්දගාමී වුණා කියලා වගේ කතා අපිට කියන්න බැහැ. අපි හොඳින් ක්‍රීඩා කරන්න අවශ්‍යයි.”

“ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයේදී නොබියව ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඔවුන් හොඳ කණ්ඩායමක්. තරගයට හොදින් අවතීර්ණ වීමයි වැදගත් වෙන්නේ.” ඇය පැවසුවාය.

තරගයෙ විශේෂ අවස්ථා පහත දැක්වේ. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනතාව දැඩි පීඩාවට ලක් නොකර    ඉලක්ක සපුරා ගැනීමට රජය ඉදිරිපත් කරන ප්‍රවේශ ගැන    සාකච්ඡාවට IMF එකඟවෙයි!  

Next Post

ජනපති අනුරගේ මුල්ම නිල විදේශ සංචාරය ඉන්දියාවට… මෝදි සමග සාකච්ඡාවකින් නව ජනපති නිල විදේශ සංචාර අරඹන්න සූදානම්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.