බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

ඝාතනයෙන් පසු කාන්තාව ඝාතන ස්ථානයට කැඳවාගෙන පැමිණි කාර් රථයෙන්ම ඝාතකයන් දෙදෙනා නුවරඑළි ඇවිත්...

by editor
ඔක්තෝබර් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගෙල කපා  අනතුරුව දෑත් සිරුරින් වෙන් කර ඝාතනය කළ   මුල්ලේරියාව තෝමස් චොන්ගම පදිංචිව සිටි ප්‍රදීපා ද සිල්වා (52) ගේ ඝාතනය   සැලසුම් කර ක්‍රියාත්මක කර ඇත්තේ ඇය සමග සම්බන්ධයක් පැවැත්වූ සියඹලාපේ  පදිංචි සුධීර වසන්ත (57) නැමැති ව්‍යාපාරිකයා   සමග අද (02) සවස පොලිසියට භාර වූ 48 හැවිරිදි කපුවා විසින් බව ප්‍රශ්න කිරීම්වල දී විමර්ශන අංශ විසින්  අනාවරණය කරගෙන තිබේ.

මෙම කපුවා සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි වශී ගුරුකම් සහ නිධන් කැනීමෙහි නිරතවූ වී සිටි පුද්ගලයෙක් බව තොරතුරු වාර්තා වී ඇත.

තමන් සමග සම්බන්ධතාවය පවත්වන කාන්තාවගෙන් තමන්ට කරදර බව ව්‍යාපාරිකයා විසින් මෙම කපුවා සමග පැවසූ විට කාන්තාව රැගෙන එන ලෙසත් ඇයව මරා සඟවා තැබීමේ වගකීම තමන් ගන්නා බවත් ව්‍යාපාරිකයාට සහතික වී ඇත්තේ මෙම කපුවා බව හෙළි වී ඇත.

මෙම ව්‍යාපාරිකයා විසින් අදාල කාන්තාවට නිවාස සහ දේපල රැගෙන දී ඇති බවත්, එම දේපල කුලී කරමින් ඇය මාසිකව  අදායමක් ලැබූ බවත් හෙළි වී තිබේ.

එමෙන්ම ඇය මුල්ලෙරියාව පොලිසියේ ඉහළ නිලධාරීන් සමග බොහෝ අවස්ථාවල ඉතාම සමීප සම්බන්ධතා ගොඩනගාගෙන ඒ සම්බන්ධතා ඔස්සේ ද  බලවත්ව කටයුතු කර ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය තුළ අදාල ව්‍යාපාරිකයාට අවසන් කාලය වන විට මෙම කාන්තාව හිසරදයක් වූ ආකාරය විමර්ශන අංශ වෙත අනාවරණය වී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව මෙම කාන්තාවට කතා කරගෙන කපුවාගේ සැලසුමට අනුව ඇයව අපරාධ ස්ථානයට රැගෙන පැමිණි විට

ගෙල කපා කාන්තාව ඝාතනය කර ඇතතේත්  පසුව  හිස සහ දෑත් කඳින් වෙන් කර ඇත්තේත්    මෙම කපුවා බව ප්‍රධාන සැකකරු පාපොච්ඡාරණය කර ඇති බව වාර්තා වේ.

කපුවාගේ සැලැස්මට අනුව මෙම ව්‍යාපාරිකයා පුරා වසර විස්සක් තිස්සේ ඇසුරු කළ ඇයව කඩුවෙල ප්‍රසිද්ධ අවන්හලක් අසලට කැඳවා ඇය සමග ඇයගේ මුදලින්ම කෙටි ආහාර ගෙන තේ පානය කිරීමෙන් අනතුරුව ඇයව තමන්ගේ අලු පැහැති KI 3030 වාහනයේ නන්වාගෙන ඝාතන ස්ථානය වන සිය පාලු නිවස වෙත රැගෙන ගොස් ඇත.

ප්‍රදීපා ගේ අවසන් ගමන… සිය හිතවතා ඇයව මරන්න කැඳවාගෙන යන අයුරු…

ඒ වනවිට ඔහු තමන් ස්ථිර පදිංචිය සහිත ස්ථානයෙන් ද   ඉවත් වී එම නිවස කුලී පදනම මත පුද්ගලයෙකුට ලබා දී  නිවස ද හැර ගොස් ඇත. 27 වැනිදා මෙම ඝාතනය වූ දින සිට අද නීතිඥයින්   සමග සැකකරු භාරවන තෙක් ඔහු අතුරුදහන්ව සිටියේය.

ප්‍රදීපා  ඝාතනය කර ඇයගේ සිරුර සපුගස්කන්ද කොට්ටුන්න වැවට අතහැරීමෙන් අනතුරුව අපරාධකරුවන් දෙදෙනා ඇයව ඝාතන ස්ථානය වෙත කැඳවාගෙන පැමිණි රථයෙන්ම නුවර එළිය සඳතැන්න  සද්ධර්ම නිකේතන විහාරයේ විශ්‍රාම ශාලාව වෙත ගොස් තිබේ. ඊයේ සැකකරු ගේ වාහනය හමුවන්නේ මෙම විහාර භූමියේ නවත්වා තිබිය දී ය.

එම සිදුවීම සම්බන්ධයෙන් නුවරඑළිය සඳතැන්න සද්ධර්ම නිකේතන විහාරවාසී පූජ්‍ය තෙලුල්ලේ චන්දානන්ද හිමියන් දෙරණ පුවත් සේවයට මෙසේ පවසා තිබිණි.

“දෙන්නෙක් ආවා. එක්කෙනෙක් මෙහෙට ආපු ගියපු එක්කෙනෙක්. අනෙක් කෙනා මම දැකලවත් දන්නේවත් නැහැ. මේ දෙන්න ආවේ පාන්දර 6.30ට 7ට  විතර.

“සතියක් විතර ඉන්නවා කියලා කිව්වා. එදා පෝය දවසේ  එකපාරටම  හමුදුරුවනේ අපිට යන්න වෙලා තියෙනවා කොළඹ වැඩක් කරන. මෙන්න හමුදුරුවනේ කාර් එකේ යතුර කියලා කාර් එකේ යතුරයි,  තව යතුරු වගේකුයි ෆෝන් එකකුයි දීලා දවස් දෙකකට පස්සේ එනවා කියලා ගියා.”

“එහෙම දුන්නට පස්සේ කවුරුත් සැක හිතන්නේ නැහැනේ මේක මෙහෙම කරලා ආපු එකක් ද කියලා… මම ඒ ටික අරගෙන කබඩ් එකේ දාලා තිබ්බා ඊට පස්සේ රෑ 11 ට  විතර පොලිස් මහත්වරු වගයක් ආවා. ඒ ආවාට පස්සේ මම සම්පූර්ණ සිද්ධිය කිව්වා. කවුරු ආවත් මම සලකනවා… මේක තමයි මට කියන්න තියෙන ඇත්ත.”  උන් වහන්සේ කියා තිබුණහ.

සැකකාර ව්‍යාපාරිකයා සොයා පොලිස් කණ්ඩායම් තුනක් වශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.  ඔහුව සොයා ගැනීමට මහජන සහාය ද පොලිසිය විසින් ඉල්ලා තිබුණේය.

පොලිසිය ඔවුන් දෙදෙනාගෙන්ම මේ වනවිටත් ප්‍රශ්න කරමින් ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් Kookaburra එක්ක රහසින් ඩීල් එකක් දාල ද?

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.