බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාවක ඝාතනය කර ඇයගේ දෙහැවිරිදි දැරිය මහමග දමාගිය අපරාධකරුවෙකුට  හම්බන්තොට මහාධිකරණයෙන් මරණ දඩුවම.

by editor
ජූලි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

 සූරියවැව නුවන් ජයසේකර –

දේපළ සම්බන්ධ ආරවුලක් මත වසර 15කට පෙර තිස්සමහාරාම පන්නිගමුවදී කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාවට වැරිදිකරු වු පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ටිකිරි කේ.ජයතිලක මහතා ඊයේ ( 01 ) දින සවස  මරණීය දණ්ඩනය නියම කළේය. කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ දෙහැවිරිදි කුඩා දියණිය මෙම අපරාධකරු අළුයම මහ මග දමා ගොස් තිබියදී හමුවී තිබිණි. 

මෙලෙස මරණ දඩුවම හිමි වුයේ අංක 60/A, කීර්ති ශ්‍රී රාජසිංහ මාවත,  රඹූක්කන ලිපිනයේ පදිංචි  යක්කලගේ ලසිත් වසන්ත කුමාර නැමති 52 හැවිරිදි පුද්ගලයෙකුටය.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක වු වෙදගේ නිලානි විජේතුංග නැමති කාන්තාවකි.

පුවත්පතක පළකර තිබූ විවාහ මංගල දැන්වීමක් මත චුදිත හා ඝාතනයට ලක් වු කාත්තාව දැන හැඳිනගෙන තිබේ. ඒ අවස්ථාව වන විටත් මෙම කාන්තාවට වෙනත් විවාහයකින් දැරියක්ද සිට ඇත. දෙදෙනා දැන හැඳිනගැනීමෙන් පසු කලක් එකට ජීවත්ව සිට ඇති අතර එම කාලසිමාවේදී එම කාන්තාවට අයත් දේපළ සම්බන්ධයෙන් චුදිත පුද්ගලයා හා එම කාන්තාව අතර ආරවුලක් ඇතිව තිබේ. දෙදෙනා අතර ඇති වු මෙම ආරවුල මත චුදිත පුද්ගලයා විසින් මෙම කාන්තාව ඝාතනය කර එදින අළුයම ඇයගේ දෙහැවිරිදි දැරිය  වංගු 10, රක්වාන ප්‍රදේශයේ මහාමාර්ගයක දමා ගොස් තිබේ.

කොලොන්න සිට කොළඹ දක්වා ධාවනය වු බස් රථය අළුයම 04ට පමණ රක්වාන වංගු 10 ප්‍රදේශයෙන් ගමන් කරන විට කුඩා දැරියක පාරදිගේ එනු දැක එම බස් රථයේ රියදුරු විසින් බසය නවතා දැරිය බස්රථයට නංවාගෙන තිබේ. ඒ වන විටත් දැරිය දැඩි භීතියකින් පසුව ඇති   අතර දැරියට මව පියා පිළිබදව හෝ ගම පිළිබදව කියාගත නොහැකිව ඇත. 

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

දැරිය බස් රථ රියදුරා විසින් රත්නපුර පොලිසියට බාරදීමෙන් පසු සිදුකළ මුලික විමර්ශනවලදී සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු දැරිය මහ මග දමා කාන්තාව ඝාතනය කර තිස්සමහාරාම පන්නිගමුව ප්‍රදේශයේ වලදමා ඇති බවය.

ඒ අනුව රත්නපුර පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම පොලිසියට දැන්වීමෙන් අනතුරුව විමශනය ආරම්භ කළ තිස්සමහාරාම පොලිසිය සැකකරුගේ මගපෙන්වීම මත තිස්සමහාරාම පන්නිගමුව ප්‍රදේශයේ වල දමා තිබූ කාන්තාවගේ හිස කොටස පමණක් සොයාගෙන ඒ පිළිබඳව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී සැකකරු බන්ධනාගාර ගත කර පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව සැකකරුට එරෙහිව නීතිපති වරයා විසින් 2021.නොවැම්බර් 11 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබේ.

අනතුරුව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු චුදිත පුද්ගලයාට එරෙහිව නගා තිබූ අධිචෝදනා දෙක  පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත් වී තිබේ. ඒ අනුව මහාධිකරණ විසිනිසුරු වරයා චුදිතට මරණීය දණ්ඩනය නියම කළ අතර, චුදිතට මරණීය දණ්ඩණය පමුණුවන තෙක් චුදිත වැළිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිට පෙරත් අවස්ථා 14ක දී රේගු ප්‍රධානියා පත් කළ කමිටු මගින් කන්ටේනර් 1000ක් නිදහස් කරලා… කමිටුවේ නිර්දේශ ඒ ලෙසම ක්‍රියාත්මක කරනවා… රජය කියයි!

Next Post

අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ බල රහිත කිරීම – අභියාචනාධිකරණය පෙත්සම් විභාගයට දින නියම කරයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.