ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය සැදීම සඳහා විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් ඇතුළු පස්දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් කටයුතු කර තිබේ.
ක්‍රිකට් විධායක කමිටුව විසින් පත්කරන ලද අනු කමිටුවක් ලෙස මෙම විනය කමිටුව පත් කර ඇත.
කමිටුවේ සභාපති ලෙස අජිත් වීරසිංහත්, සමාජිකයන් ලෙස හිටපු විශේෂ බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ්, නිරෝෂන් පෙරේරා, නලින්ද ඉලංගකෝන් සහ අනුර චන්ද්‍රසිරි පත් කර තිබේ.
මෙම විනය කමිටුවේ ප්‍රථම කර්තව්‍ය වනු ඇත්තේ ජෛව බුබුල කඩාගෙන අයාලේ ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තුනදෙනා සම්බන්ධව විමර්ශනය ආරම්භකර පවත්වාගෙන යෑම බව වාර්තා වේ.