අන්ත පරාජයකින් අනතුරුව තරගාවලියෙන් ඉවතට විසිවුන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි මොහොතේ ක්‍රිකට් පරාජයට බලපෑ බරපතල කුමන්ත්‍රණයක් සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පසුව කිසිම තර්කයකින් තොර කතාවක් රටට කී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලෝක කුසලාන තරගාවලිය අතරතුර, එනම් ඔක්තොම්බර් 19 දා සිය තේරිම් කමිටු සාමාජිකයන් වෙත යොමු කළ ඊ මේල් පණිවිඩයක් හරහා තරග පරාජය වීමේ ඔහුගේ හෘද සාක්ෂියට එකඟ සැබෑ හේතුව හෙළිදරව් කර තිබේ.
ඔහු සිය ඊමේල් පණිවිඩයෙන් දන්වන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් ජාතික ක්‍රීඩා කණ්ඩායමේ කාර්ය මණ්ඩලය වෙත සහ තේරීම් කමිටු සාමාජිකයින්ට පිටපත් කර එවා ඇති ඊමේල් පණිවිඩයකින් තමන්ට එල්ල කර ඇති බරපතල චෝදනාවට මුහුණ දීමට සිදුවිය හැකි බව කලින්ම දැනගෙන ඊට මුහුණ දීමට සූදානමින් සිටි බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත විශේෂයෙන් තමන් විසින් කර ඇති ඉල්ලීම් හා නිර්දේශ ගෙනහැර දක්වමින් ඔහු අවධාරණය කරන්නේ තේරීම් කමිටුව දෙසට ඇඟල්ල දික්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් තරුණ ක්‍රීඩකයින් ගොඩනැන්වීම සදහා වූ ප්‍රධාන අංශවන ශාරීරික යෝග්‍යතාවය, ක්‍රීඩකයින් සංවර්ධනය කිරීමේ වැඩසටහන්, ක්‍රීඩාවේ විවිධ නිපුනතා පද්ධති දියුණු කිරීම් සඳහා ආමන්ත්‍රණය කිරීමට තමන් එම ඊමේල් පණිවිඩය ලියන පසුගිය මස 19 වැනිදා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් අපොහොසත් වී ඇති බවය.
ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් අවධාරණය කළ ඉහත සඳහන් කළ අංශයන්හි ක්‍රියාත්මක වන ලෙස මට ජාතික තේරුම් කමිටු සාමාජිකයින් වශයෙන් තමන් නොකඩවා අවධාරණය කළ නමුත් වගකිවයුතු අධිකාරිය විසින් එම අවධාරණයන් නොසලකා හැර ඇති බව තමන්ට හැඟෙන බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියයි.
කෙසේ වෙතත් ශ්‍රි ලංකා ක්‍රිකට්වල අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මහේල ජයවර්ධන ප්‍රධාන උපදේශකත්වය දරන ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඉල්ලා සිටින්නේ පිතිකරණය, දඟ පන්දු, වේග පන්දු සංචිත සම්බන්ධව ලෝක කුසලානයෙන් පසුව හෝ අවධානය යොමු කරන ලෙසය.
අවසන් අවුරුදු දෙකේ දී තමන් සිද කළ ආකාරයට වැඩසටහන් ක්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය අඳුරු වන බව තමන් විශ්වාස කරන්නේ යැයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එම ඊමේලේ පණිවිඩයෙන් අවධාරණය කර තිබේ.
තමන්ගේ සේවා සේවා ක්ෂේත්‍රයට අයත් නොවන සියල්ලම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මග හරින විට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය ඒ සියල්ලම තේරිම් කමිටු සභාපතිවන තමන්ගෙන්ම ඉල්ලා සිටීම ගැන ජාතික තේරීම්කරු වශයෙන් තමන්ගේ කලකිරීම ප්‍රකාශ කිරීමටද කැමති බව ප්‍රමෝද්‍ය එම ඊමේල් පණිවිඩයෙන් කියයි.
පහත දැක්වෙන්නේ එම ඊ මේල් පණිවිඩයයි…