අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ගොඩ ගන්න පාර්ලිමේන්තුව වාද කරද්දී අදත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171කට නවසීලන්තට දැවෙයි….

by editor
නොවැම්බර් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ පාර්ලිමේන්තුව කෝටි ගණන් ජනතා මුදල් වියදම් කරමින් දින දෙකක් තිස්සේ ක්‍රිකට් ගොඩ ගැනීමේ මහා විවාදයකය. ඒ අරත අපේ උන් නවසීලන්තය හමුවේ ලකුණු 171කට දැවී ගොස්ය.

අද පැවැත්වෙමින් ඇත්තේ ලෝක කුසලානයේ 41වැනි තරගය ය. මේ ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම 09 වැනි තැනට පත් වී ඉවත් වීමට නියමිත අන්තිම තරගය ය.  හෙටින් පසු කණ්ඩායම ලංකාවට එන්න පිටත් වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය විනෝද චාරිකාවේ අන්තිම තරගයෙනුත් කුජීතවන සියලුම ලකුනු පහළ වී ඇති අවස්ථාවක මේ සටහන තබමු.

තරගය පැවැත්වෙන්නේ බැංගලෝර්වලය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.

මුන් දෙන්නා නොවෙන්න…

පැතුම් නිශ්ශංකට මේ තරගයේ දී වැදුනේ නැත. ඔහු ලකුණු 02කට දැවි ගියේය. කුසල් ජනිත් නැවත සුපුරුදු රිද්මයට එනවිට ලෝක කුසලානය ඉවරය. කුසල් ජනිත් පන්දු 28ක දී හතරේ පහර 09ක් සහ හයේ පහර දෙක්ක සමග ලකුණු 51ක් ලැබුවේය.

අප විශ්වාසකරන පරදි නිත්‍ය නායක දසුන් ශානක උපක්‍රමිකව අබාධයට ලක් කර තේරීම් කමිටු විසින් පත් කරනු ලැබ ඇති බව සිතන, මහේලගේ කෝලි සයිස් නායකයා නායකත්වය ලබා ගත් පසු නැවතත් ෆේල්ය .කුසල් මෙන්ඩිස් ලකුණු 06කට දැවී යන්නේය. තේරීම් කමිටුව කළේ  කැහි ගෑනි දී හොටු ගෑනි ගත්තා සයිස් වැඩකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සධීර සමවික්‍රමත් ලකුණු 01කට දැවී ගියේය. චරිත් අසලංක ලකුණු 08කි.  ඈන්ජලෝ මැතිව්ස් 16කි. ධනංජය ද සිල්වා ලකුණු 19කි. චාමික කරුණාරත්න යළිත් ෆේල්ය. ලකුණු 06කි.  ලකුණු 128ක් වනවිට ශ්‍රි ලංකාවේ කඩුළු 09ක් දැවී ගොස්ය.  ක්‍රීඩකයන් 06 දෙනෙක් දැවී ගියේ ලකුණු 10කට අඩුවෙනි. ඒ අනුව ලකුණු 171කට ඉනිම අවසන් වීම සම්බන්ධව අවසන් පිතිකරුවන් දෙදෙනාට පින් දිය යුතුය.

මහීෂ් තීක්ෂණ අන්තයක් ආරක්ෂා කරගෙන පන්දු 91කට මුහුණ දී ලකුණු 38ක් ලැබුවේය.  අවසන් පිතිකරු ඩිල්ෂාන් මධුශංක පන්දු 48ක දි ලකුණු 19ක් ලැබුවේය. අවසන් කඩුල්ල වෙනුවෙන් තැබූ සම්බන්ධය මුලු ඉනිමේ ලකුණු සංඛ්‍යාවෙන් හතරෙන් එකකටත් වඩා වැඩිය.

පන්දු ඕවර 50ක් ක්‍රීඩා කළේ නැත. 46.4ක දී සියල්ලෝ දැවී ගියහ.

ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 37ට කඩුළු 03කි. මචෙල් සැන්ට්නර් ඕවර 10ක් යවා ලබා දුන්නේ ලකුණු 22කි.  කඩුළු 02ක් ලැබුවේය.  රචින් රවීන්ද්‍ර ලකුනු 21ක් දි කුඩුළු 2ක් ලැබුවේය. පන්දු ඕවර 7.4ක් යැව්වේය. ලොකි ෆර්ගසන් ලකුණු 35ට කඩුළු 2කි. ටිම් සවුති ලකුණු 52ට කඩුල්ලක් ලැබුවේය.

අවසන් පිතිකරුවන් දෙදෙනා පිතිකරණයේ යෙදුණ  ආකාරයෙන්ම පෙනී යන්නේ, කුසල් ජනිත් පිතිකරණය දියත් කළ ආකාරයෙන් පෙනී යන්නේ මේ තණතිරුව පිතිකරුවන් විෂයෙහි ඉතා ධනාත්මක ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවය.

හිත හදාගෙන අන්තිම තරගයත් බලලා ඉවර කරපල්ලා… ආදරණීයනි. අපි අපෙන්ම ඉල්ලා ගනිමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෆයිට් එක මරු… ඒත් පත් කළ අතුරු පාලක කමිටුව අවුල්… විජිත හේරත් කියයි!

Next Post

අතුරු කමිටුව පැලැස්තරයක්… පූර්ණ නීති වෙනසක් සිදුකළ යුතුයි… ජනපති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.