ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවරැදි නොවන බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අයි.සී.සී තහනම ඉවත් කර ගැනීම සහ ක්‍රිකට් තරගාවලි අහිමිවීම පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීමේ බලය අමාත්‍යවරයාගෙන් ගලවා කැබිනට් අනු කමිටුවට ලබාදීමට තිරණ කලාක් මෙන් මින් ඉදිරියට අතුරු කමිටු පත් කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අත්‍යාවශ්‍ය බවද ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද නිවේදනය කර තිබිනි.
රටේ නීතිය වූ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත අනුව ක්‍රීඩා සංගමයක් විසුරුවීමට හා අතුරු කමිටුවක් පත් කිරීමට ඇමතිවරයා සතු බලය ඔහුගෙන් නැවත රැගෙන ඇති බව ඉන් කියැවිනි.
එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සිය අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවැනි කිසිදු කැබිනට් නියෝගයක් හෝ සාකච්ඡාවක් නොතිබූ බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය නිවරැදි කළ යුතු බවය.
කෙසේ වෙත්ත අද ජනාධිපතිවරයා රටේ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ අවධාරණය කරමින් පැවසුවේ ක්‍රිකට් හදන වගකීම තමන් බාරගත් බවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමේ වගකීම තමන් විසින් පත් කළ කැබිනට් අනුකමිටුව වෙත භාර දුන් බවත්ය.