ලාෆ් ගෑස් සමාගම තවදුරටත් ගෘහස්ත ගෑස් නිෂ්පාදනයේ නිරත නොවන බවට දැන්වීමත් සමඟ එම සිලින්ඩර පවතින ගෘහස්ත පාරිභෝගිකයන්ට ලීට්‍රෝ සමාගමේ නිල් පැහැ ගෑස් සිලින්ඩරය ලබාදීම ප්‍රායෝගික හා නීතිමය වශයෙන් බාධාකාරී ක්‍රියාවක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි.
වෙළෙඳ අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඔහු වැඩිදුරටත් මෙලෙස සඳහන් කර ඇත.
“මෙරට ගෑස් පාරිභෝගිකයින් ලාෆ් ගෑස් සමාගමෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සදහා මුදලක් තැන්පත් කරමින් අදාල ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගෙන ඇත . එහෙත් පසුගියදා අදාල සමාගම නිවේදනය කළේ තම සමාගම වෙළද පොළ වෙත ගෑස් ගෘහස්ත ගෑස් නිකුත් නොකරන බවයි. එහෙත් එහිදී අදාල සමාගම එම සමාගමෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සදහා මුදල් තැන්පත් කරමින් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගත් පාරිභොගිකයින් පිළීබදව කිසිදු සදහනක් කර නොමැත.
අදාල සමාගමේ ක්‍රියාකලාපය නිසා මෙරට දහස් ගණනක් ගෘහස්ත ගෑස් පාරිභෝගකියින් අසාධාරණයට පත්ව ඇත. එම සමාගම තවදුරටත් ගෘහස්ත ගෑස් නිෂ්පාදනයේ නිරත නොවන්නේ නම් පාරිභෝගකියින් විසින් මුදල් තැන්පත් කරමින් ලබාගත් ගෘහස්ත ගෑස් සිළීන්ඩර නැවත සමාගම වෙත ලබාගෙන පාරිභෝගකියින් ගෘහස්ත ගෑස් සිළින්ඩර සදහා තැන්පත් කල මුදල් නැවත් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අදාල සමාගමට දැනුම් දෙන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර මෙම අසීරු අවස්ථාවේ මෙරට ගෘහස්ත ගෑස් පාරිභොග්කියින්ට නැවත මුදල් තැන්පත්කරමින් වෙනත් සමාගමකින් ගෘහස්ත ගෑස් සිළීන්ඩරයත් ලබා ගැනීමට නොහැකි බවත් ඔබතුමාවෙත කරුණාවෙන් දැනුම් දෙමු.
තවද අදාල සමාගමේ කහපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය වෙනුවට අනෙත් සමාගමේ නිලපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය ලබාදීම ප්‍රායෝගික හා නීතිමය වශයෙන් බාධාකාරී ක්‍රියාවක් වන බවද සදහන් කරමු. ” යැයි ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා වෙළෙද අමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ සඳහන් ය.