සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කහවත්ත යළි බිය ගන්වමින් මාධ්‍යවේදී ජානක සුනෙත් ගේ අම්මා මරා දැමූවේ කවුදැයි දින 02ක් යන්න පෙර හෙළිදරවු කරගන්නවා… විමර්ශන ප්‍රධානීන් කියයි!

by editor
දෙසැම්බර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගුවන් විදුලි නිවේදකයකු මෙන්ම මාධ්‍යවේදියකු වන ජානක සුනෙත් බණ්ඩාරගේ මෑණියන් කහවත්ත වැල්ලඳුර වෙලේවත්ත පිහිටි නිවසේදී ගෙල කපා අභිරහස්  අන්දමින් ඝාතනය කිරීම ඇගේ සමීපතම ඥාතියකු විසින් කළේද යන්න ගැන පොලිසිය සැක පහළ කරයි.

පෙරේදා (13 වැනිදා) උදෑසන මෙම අභිරහස් ඝාතනය සිදුවන්නට ඇති බවට ද පොලිසිය සැක කරයි. මෙම   ඝාතනය සම්බන්ධයෙන් මියගිය මවගේ දියණියගෙන් ඇතුළු ඥාතීන් කීප දෙනකුගෙන් මෙන්ම අසල්වාසීන් කීප දෙනකුගෙන්ද පොලිසිය ඊයේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ ජානක සුනෙත් බණ්ඩාරගේ මෑණියන් වන  විනීතා ජයසුන්දර නමැති තිදරු මවකි. ඝාතනයට ලක්වූ විනීතා මාතාව හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර ගේ වැඩිමහල් සොහොයුරියද වූවාය.

එමෙන්ම විනීතා මාතාව  රන්තපුර දිස්ත්‍රික් සමුපකාර ව්‍යාපාරයේ හිටපු සහකාර ලේකම්වරියක මෙන්ම ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවිකාවකද වූවාය.

ඝාතනයට ලක්වූ විනීතා මාතාව සිය බාල දියණිය සමඟ කහවත්ත නිවසේ පදිංචිව සිට ඇත. අවිවාහක තරුණියක වන බාල දියණිය කහවත්ත ප්‍රාදේශීය කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටියාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පෙරේදා සවස බාල දියණිය රැකියාව නිමකර සවස 3.50 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ ඇගේ මව මුළුතැන් ගේ තුළ රුධිරය ගලන තුවාල සහිතව මියගොස් සිටිනු දැක ඇත.

පසුව ඇය ඒ බව අසල්වාසීන්ට දැනුම්දීමෙන් පසු කහවත්ත පොලිසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව කහවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර අපරාධ පරීක්‍ෂණ සොකෝ නිලධාරීහුද පැමිණ විමර්ශන පැවැත්වූහ.

එහිදී හෙළිවී ඇත්තේ විනීතා මාතාව ඝාතනය කළ නිවසේ සාලයේ තිබූ රුධිරය පැල්ලම් ඝාතකයා විසින් සෝදාහැර ඇති බවයි. සාලයේදී ගෙල කපා ඇය ඝාතනය කළ ඝාතකයා ඇගේ සිරුර බිම දිගේ මුළුතැන්ගෙය දෙසට ඇදගෙන ගොස් ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්වන අවස්ථාවේ විනීතා මාතාව පැළඳ සිටි රන් මාලය කරාබු යුගලය ඇතුළු භාණ්ඩ කිසිවක් ඝාතකයා රැගෙන ගොස් නැති බවද පොලිසිය පවසයි.

ඝාතකයා මංකොල්ල කෑමට පැමිණි අයකු බවට මතුවන සැකය රන් භාණ්ඩ රැගෙන නොයෑම නිසා පහව යන බවද පොලිසිය පවසයි.

මෙම ඝාතනය කවුරු විසින් සිදුකළේද යන්න දින දෙකක් ඇතුළත හෙළිකරගත හැකිවනු ඇතැයි සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පවසයි.

පසුගිය වසර ගණනක් තුළ කහවත්ත ප්‍රදේශයේ කාන්තා මිනිස් ඝාතන රාශියක් වාර්තාවී තිබූ අතර එම සිද්ධීන්වලින් මුළු රත්නපුරය ප්‍රදේශයම භීතයෙන් ඇළලී ගොස් තිබිණි.

මෙම අභිරහස් ඝාතනයෙන් පසු නැවතත් කහවත්තේ ජනතාව අතර දැඩි භීතියක් පැතිර ගොස් ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.

මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇත. – දිවයින

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාගම වෙඩි තැබීමට පැයකට පෙර මල්වානේ නිවසකටත් වෙඩි තියලා… සිද්ධි අතර සම්බන්ධතාවයක් ඇතිදැයි විමර්ශන අංශවල අවධානයට…

Next Post

30ක හිඟයක් තිබෙද්දීත් 11ක් රට හැර ගිහින්… මධ්‍යම පලාතේ කිරි නිශ්පාදනය ඉහළ පශු වෛද්‍ය කොට්ඨාස 06ක එක් පශු වෛද්‍යවරයෙක්වත් නෑ…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.